කන්ද උඩ ගිනි දළු දල්වාවි

0 Apr 27, 2020 09.07am Art

"රාජ්‍යත්වය වෙනුවෙන් රජවරුන් තිදෙනෙක්ම ඇය විවාහ කර ගන්නවා. ඒ තමයි අපි දන්න කුසුමාසන දේවිය. හැබැයි මේ කසුමාසන දේවිය ඊට වෙනස්"

කුසුමාසන දේවිය ගැන අපි අහල තිබුණේ කන්ද උඩරට රාජධානිය සමයේ. සේනා සම්මත වික‍්‍රමබාහු රජතුමා තමයි කන්ද උඩරට රාජධානියේ ආරම්භකයා.ඔහු ගේ ඇවෑමෙන් ඔහු ගේ පුත් ජයවීර බණ්ඩාර කුමාරයා දීර්ඝ කාලයක් රාජ්‍යත්වයට උරුමකම් කීවා. ඊට පස්සේ රජකම් කළේ ඔහු ගේ පුතා වුණු කරලියද්දේ බණ්ඩාරයි.මේ කරලියැද්දේ බණ්ඩාරගේ දියණිය තමයි කුසුමාසන දේවිය වුණේ. කරලියැද්දේ බණ්ඩාරගෙන් පසු උඩරට රාජධානියේ උරුමය හිමි වුණේ කුසුමාසන දේවියට. එහෙත් කරල්ලියැද්දේ බණ්ඩාර පෘතුග‍්‍රීසින්ට එකතුවුණාට පස්සේ කුසුමාසන දේවිය දෝන කතිරිනා නමිනුත් ඇගේ සැමියා දොන් පිලිප් නමිනුත් බෞතීස්ම වුණා.පසුකලෙක පෘතුග‍්‍රීසින්ගේ උදව් ඇතුව දොන් පිලිප් නමින් බෞතිස්ම වි සිටි කුසුමාසන දේවියගේ ස්වාමි පුරුෂයා යමසිංහ බණ්ඩාර කන්ද උඩරට රජු වුණත් කෙටි කලකින්ම ඔහු මිය යනවා. ඔහුගේ බාල පුතු කන්ද උඩරට රාජධානියේ කිරුළ පැළඳුවත් එය අසාර්ථක වෙනවා.මේ අර්බුදකාරී වාතාවරණය තළ රාජ්‍යයත්වයට උරුමකමක් නැති කොනප්පු බණ්ඩාර 1 වැනි විමලධර්මසූරිය නමින් රජ වෙනවා.ඔහු රජ වෙන්නේ කුසුමාසන දේවිය විවාහ කරගෙන රාජ්‍යත්වයට හිමිකම අරගෙන.1 වැනි විමලධර්ම සූරිය මිය යන විට ඔහුගේ පුතා ඉතා ලාබාල වයසක පසුවූ නිසා ඔහුගේ ඥාති සහෝදරයකු වන සෙනරත් කුමාරයාට රජකම යනවා. එහෙත් ඔහුටත් ඊට නිත්‍යානුකූල අයිතියක් නොමැති හෙයින් ඔහුත් කරන්නේ කුසුමාසන දේවිව විවාහ කරගෙන රාජ්‍යයත්වයට උරුමකම් කිමයි.මේ ගෙවුණු කාලය පුරාම කන්ද උඩරට රාජධානියේ රාජ්‍යත්වයේ හිමිකම රැුගෙන ගියේ කුසුමාසන දේවියයි.රාජ්‍යත්වය වෙනුවෙන් රජවරුන් තිදෙනෙක්ම ඇය විවාහ කර ගන්නවා. ඒ තමයි අපි දන්න කුසුමාසන දේවිය. හැබැයි මේ කසුමාසන දේවිය ඊට වෙනස්


කතිරිනා...... කතිරිනා......

ඔය හැඩහුරුකම් රතු නපුරු දෙතොල්

කතිරිනා මගේ සයනේ පුරා දිලිසේවි

එළිවෙනකම් සතුට බෙදා දේවී

සුන්දර කුසුමාසන දේවී....

විටෙන් විට කරදර පැමිණේවි

සුන්දර කුසුමාසන දේවී

කන්ද උඩ ගිනි දළු දල්වාවි

කතිරිනා.... කතිරිනා... ඔබ කවුරු නමුත්

සයනයට ඇවිත්

කතිරිනා......

මධු බිමට හෙළු කුසලානේ...

යළි පිරෙනවා රාගෙන් බෝසේ

සුන්දර කුසුමාසන දේවි......

නාද නඟා- පාද සලා

සයනේ පුරා පේ‍්‍රම රැුඟු‍ම්

නටන්න එනවද ? පුරා

ගුලිවෙන්නම්...ඉන්නම් ...තුරුළුවෙලා

සුන්දර කුසුමාසන දේවි........

ඇය තිරය ඉදිරිපිට පේ‍්‍රම රුඟු‍ම් රඟනවා. මේ විසිතුරු ලොව ඇතලේ ඇයට කොතෙකුත් කරදර හිරිහැර එනවා. කන්ද උඩ ගිනි දැල්ලූ‍වා වගේම මේ කුසුමාසන දේවිය හිත් ඇතුලේ ගිනි දල්වනවා. මේ ගීතය ගායනා කරන්නේ මලිඳු සහ හිරුෂි. ආධුනිකයන් දෙදෙනෙක් වුවත් දෙන්නටම තියෙන්නේ ආකර්ශණිය හඬවල්. මේ ගීතයට මේ තරම් අලංකාරයක් එක් වෙන්නේ ඒ හින්දයි කියලා මට හිතෙනවා. ඉරාජ් වීරරත්නගේ සංගිතයට ගී පද රචනය කරල තිබුණේ වසන්ත දුක්ගන්නාරාල. ඔහුගේ ගී පද ආකෘතියේ ඇති අලංකාරත්වයත් ඊට එක් හේතුවක්.
( උපුටා ගැනීම සරසවිය පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post