පුංචි තිරයට පායන කැලෑ හඳ එදා රුක්මණී මෙදා තාරුකා

0 Apr 20, 2020 09.15am Art

රිදී තිරයට එදා පෑයු කැලෑ හඳ තව නොබෝ දිනකින් පුංචි තිරයට එබිකම් කිරීමට නියමිතය. හරියටම දවස මාර්තු 21 වැනිදාය. එදින සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ කැලෑ හඳේ අපූර්වත්වය නැවතත් ඔබට දැක බලා ගත හැකිය. මෙම නිර්මාණයන්ට පාදක වූ නවකතාව කැලැ හඳයි.  කෘතහස්ත ලේඛක ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරින් අතින් රචනා වූයේ 1933 වසෙර්ය. කැලෑහඳ නවකතාවට ඉතිහාසගත වූ විශේෂ කරුණක් තිබේ. ඒ මෙරට සිනමාවට නැඟුණු ප්‍රථම නවකතාව වීමය. 1953 රිදී තිරය වෙනුවෙන් කැලෑ හඳ කතාව පාදක කර ගනිමින් සිනමාපටයක් නිර්මාණය කරනු ලැබුවේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නය. එහි ප්‍රධාන නළු චරිතය ඔහු බාර දුන්නේ රංගනයට නවකයකුටය. නමින් ස්ටැන්ලි පෙරේරා වූ කැලෑ හඳේ ජෝන් ජයපාල පසුකාලීනව සිනමාවේ කැපී පෙනුණ රංගන ශිල්පියකු විය. මෙදා කැලෑ හඳ රිදී තිරයට එද්දී ජෝන් ජයපාල ලෙස අරවින්ද දොඹගහවත්ත රංගනයේ යෙදෙනු ඇත. එදා රුක්මණී දේවිය විසින් පණ පොවනු ලැබු මාලනි හෙවත් ප්‍රධාන නිළි භූමිකාව තාරුකා වන්නිආරච්චිට බාර දී තිබේ.

මාලනියගේ මව මිසිලින්ය. ඇය කොළඹ රැකියාවක් කළ ගැහැනියකි. මිසිලින්ගේ  සැමියා පුංචිරාළය. ඔවුනොවුන් මුණ ගැසෙන්නේ කොළඹදීය. මිසිලින් ගමේ ගති පැවැතුම් අතැර දමා කොළඹ ක්‍රමයට හැඩ ගැහෙයි. මාලනී ද ඇය අනුගමනය කරයි. ඇගේ ආකල්ප වර්ධනය වන්නේ ඒ අනුවය. තමන්ට හමු වූ ජෝන් ජයපාල නමැති තරුණයා වෙනුවෙන් ජීවිතය කැප කරන්නට මාලනි පෙලඹෙන්නේ දැවැන්ත කීර්ති නාමයක් සහ  ධනස්කන්ධයක් ගොඩ නගා ගැනීමෙන් අනතුරුවය. නමුත් ජෝන් ඉදිරියේ  සියල්ල හැර යාමට ඇය උත්සාහ ගනියි.

කැලෑ හඳ එකී කතා සාරය ඔස්සේ ඉදිරියට ගලා යයි. මෙම ටෙලි සිතුවම දයාරත්න රටගෙදරගේ අධ්‍යක්ෂණයකි. දෑකැති මුවහත, බෝගල සවුන්දිරිස් රටගෙදර මීට ප්‍රථම නිර්මාණය කළ ටෙලි නාට්‍යන්ය.

නළු නිළි නාමාවලිය:

තාරුකා වන්නිආරච්චි, අරවින්ද දොඹගහවත්ත, වීණා ජයකොඩි, චන්ද්‍රසෝම බිංදුහේවා, උදයන්ති කුලතුංග, ජගත් බෙනරගම, විජයරත්න වරකාගොඩ, චන්දන ඉරුගල් බණ්ඩාර, ගාමිණී සමරකෝන්, අර්ඩ්ලි වෙදමුණි, සුමිත් මුදන්නායක, කුමාර වඳුරැස්ස, තමාලි ගුණවර්ධන, සහන් මාන්නගේ, චින්තක කුලතුංග, උදේනි නදීකා, ලලිත් බණ්ඩාර, සුජිත් ගුණරත්න, සිනෙති අඛිලා, උදේනි චන්ද්‍රසිරි, හේමන්ති හේවගේ, කාවිංග පෙරේරා, තරින්දි ප්‍රනාන්දු, මැණිකේ අත්තනායක, රත්නා සුමනපාල, මානෙල් චන්ද්‍රලතා, ජගත් මුතුකුමාරණ, විකුම් පෙරේරා, හේමන්ත ඊරියගම, නන්ද උඩුවිල, භාරත නවරත්න, ගාමිණී විජයබණ්ඩාර, හැරී විමලසේන, නිමල් ජයසිංහ, දයාරත්න තම්මිටආරච්චි, කුසුම් මල්දෙණිය, නිහාල් අබේවර්ධන, උපාලි සමරසිංහ, උපුල් සළුවඩන, සුජාන් මිලංග, සෝමසිරි කස්තුරිආරච්චි, පවිත්‍රා වික්‍රමසිංහ, කරූ අතුකෝරාල, ධම්මිකා දමයන්ති, තමර තේජාන් වීරසූරිය. ශානක පෙරේරා

රූපවාහිනී රචනනය -  වජිර කස්තුරි

කලා අධ්‍යක්ෂණය - ඇහැලියගොඩ සෝමතිලක

අංග රචනය - ප්‍රියන්ත ඊශ්වර, හෙන්රි ප්‍රේමරත්න

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රියනාත් රත්නායක

ගීත රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

ගීත ගායනය - ඊලියාස් බෙග්, අමිලා නදීශානි, ප්‍රියනාත් රත්නායක, සචින්දි සුලක්ඛනා අමරසිංහ

නිෂ්පාදන කළමනාකරණය - අජිත් දිසානායක

නිෂ්පාදන සේවා සම්බන්ධීකරණය - භාරත නවරත්න, රොහාන්  කොඩිකාර

සහාය අධ්‍යක්ෂණය - ප්‍රසන්න ඉත්තෑපාන, දීපාල් ගුණවර්ධන, ගයාන් මහගලගේ, නාරද රත්නායක

නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත, අජිත් ශාන්ත නවගමුව, සරත් ජීවන් හෙට්ටිගේ

සංස්කරණය - මධුර ප්‍රසාද්

කැමරාකරණය - ජනක යහම්පත්

විධායක නිෂ්පාදනය - ආරියරත්න දොඹගහවත්ත

නිෂ්පාදනය - නිමල් උඳුගොඩ, සාගරිකා උඳුගොඩ
( උපුටා ගැනීම සරසවිය පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post