දක්ෂතාවට විතරක්ම තැනක් නෑ රශි ප්‍රභා සංදීපනී පෙරේරා

රශි ප්‍රභා සංදීපනී පෙරේරා නම් වූ ඇය ක්‍රඩා කාලයේ සිටම ස්වාධීන රූපවාහිනි සේවයේ හපන් පැදුර, ළමා පුවත් වැනි තවත් ළමා වැඩසටහන් රැසක නිවේදිකාව ලෙස කලා කටයුතුවල නියැළුණාය. තරුණ වියට එළැබෙත්ම මාහචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු වේදිකා නාට්‍යයයේ සිංහ සීවලීට පණ පෙවීමට වේදිකාවේ ඉඩ කඩ සලසා ගත්තාය. එතැන් සිට වසර හයක කාලයක් පුරාවට සිංහසීවලී වූ ඇය දැන් පුංචි තිරයේ ප්‍රේක්ෂකයන්ද කෙමන් කෙමන් ග්‍රහණය කර ගන්නට සමත්ව සිටින්නී ය.
රශි ප්‍රභා සංදීපනී මුල් කාලීනව නම නිසා බොහොම රසවත් සිදුවිම් වෙන්න ඇති?
ඔව්. ක්ෂේත්රයට ඇවිත් මාව නොදන්න කාලේ තමයි ඒ පටලැවිල්ල වැඩිපුරම වුණේ. වෙලාවකට පබෝදා අක්කාව ගන්න අපේ ගෙදරට ට්‍රාන්ස්පොට් එනවා. සමහර වැඩසටහන්වලට අපි දෙන්නව මාරු වෙලා කතා කරනවා. දවසක් පබෝදා අක්ක ගේ අම්මත් කතා කළා පටලැවිලා.
කොහොමද ඉතිං පටලැවිල්ල ලිහා ගත්තේ?
පහුවෙනකොට කට්ටිය කතා කළාම කෙළින්ම අහනවා “මේ මොරටුවේ රශි ද කියලා. එහෙම නැත්නම් පොඩි රශි පබා ද ලොකු රශි පබා ද අහනවා. මගේ හරි නම රශි ප්‍රභා ඒත් ගොඩ දෙනෙක් පබා කියන නිසා මමත් දැන් ඒකටම පුරුදු වෙලා සද්ද නොකර ඉන්නවා.
රශි කොහොමද රංගනයට පිවිසෙන්නේ?
රංගනයෙන් අනාගතය ගොඩනඟා ගන්න හෝ නිළියක් වෙන්න බලාපොරොත්තුවක් මට කොහොත්ම තිබුණේ නැහැ. නමුත් පොඩි කාලේ ඉඳන් ස්වාධීන රූපවාහිනි සේවයේ ළමා වැඩසටහන් නිවේදිකාවක් ලෙස කටයුතු කළා. පාසලේ කලා කටයුතුවලටත් ගොඩක් සම්බන්ධ වුණා. උසස් පෙළ හදාරමින් සිටිද්දි තමයි එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වී සිංහබාහූ නාට්‍යයයේ සිංහ සිවලී ගේ චරිතයට පණ පොවන්න මට අවස්ථාව ලැබෙන්නේ. එය අහම්බයක්. නොකඩවා වසර හයක් මම වේදිකාවේ සිංහසීවලීගේ චරිතයට පණ පෙව්වා. එතැනින් තමයි මගේ මේ ගමන පටන් ගත්තේ. . අන්තිමේදි සිංහබාහු රට පුරා ප්‍රදර්ශනය වෙද්දි මට රංගනයට ලැබෙන ආරාධනා ප්‍රමාණය වැඩි වෙන්න ගත්තා. ඒ ආරාධනා එක්ක නොදැනුවත්ම මම රංගනයට නැඹුරු වුණා.
රංගනයේ දිගටම රැඳෙනවාට ගෙදරින් කමැත්තක් තිබුණ ද?
පොඩි කාලේ ඉඳන් මම කැමැති දේ කරන්න මට අවස්ථාව වගේම ගෙදරින් ලොකු සහයකුත් ලැබෙනවා.
වේදිකාවෙන් පැමිණි ඔබ දැන් වේදිකාවට සමු දීලද?
මම වසර 6ක් එක දිගට සිංහසීවලීගේ චරිතයට පණ පෙව්වා. එය පහසු දෙයක් නෙමෙයි. ඒ කාලේ වෙන වැඩක් කරන්න බැහැ. මාසෙට දර්ශන වාර 15 විතර තියෙනවා. ඉතින් අනෙක් දවස්වල මම ෂූටිං. හරි හමං නින්දක් නැතිව හුඟක් මහන්සි වුණා. දැන් සති අන්තේ මගේ අධ්‍යාපන කටයුතුවලට මුලික තැන දි තිබෙන නිසා රූගත කිරීමේ කටයුතුවලට වෙන් කර තියෙන්නේ සතියේ දවස් පහ පමණයි. ඒ කාලය ටෙලි නාට්‍යකට දුන්නාම අනෙක් වැඩවලට යන්න කාලයක් නැති වෙනවා. ඒ නිසා වේදිකාවට මං කෙටි විරාමයක් දී තියෙන්නේ. සමහරවිට ඉගෙනීමේ කටයුතු අවසන් වුණාහම නැවත වේදිකාවට සම්බන්ධ වේවි.
පසුගිය දවස්වල කාකි ඇඳුම නිසා රශි සමාජ මාධ්‍යයයේ චරිතයක් වුණා?
ඔව්. පසු ගිය වසරේ විකාශය වූ ‘රාහු‘ ටෙලි නාට්‍යයයේ ‘Inspector උපුලි‘ චරිතය සමාජ මාධ්‍ය ඔස්සේ නොසෑහෙන්න ජනප්‍රිය වුණා. ඒ චරිතය රයිගම් සම්මාන උලෙළේ හොඳම නැඟි එන නිළියටත් නිර්දේශ වුණා.
රංගන ශිල්පිනියක් ලෙස ඔබව ගොඩනඟා ගත්තේ කෙසේද?
ක්ෂේත්රයට කිසිඳු සම්බන්ධයක් නැතිව කලා පවුල් පසුබිමක් නැතිව අලුතෙන්ම මේ ක්ෂේත්රයට එනවා නම් ලොකු තරගකාරීතවයක් තිබෙන තැනක්. ඒ නිසාම කැපිලි කෙටිලි අභියෝග අනිවාර්යයෙන්ම ක්ෂේත්රයට එන හැමෝටම පොදුයි. දක්ෂතාවටම තැනක් හම්බෙන්නේ නැහැ. ඉතින් දක්ෂතාවෙන් පමණක් ඉදිරියට යන්න හොඳ ඉවසීමක් අවශ්‍යයි. ඉවසීමෙන් හිමින් යනවා නම් මේ ගමන යන්න පුළුවන්. මට හැමදාම තිබුණේ හොඳ වැඩක් කිරීමෙ බලාපොරොත්තුව මිසක් ක්ෂේත්‍රෙය් ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ.
රංගනය හැර වෙනත් බලාපොරෙත්තු තිබෙනවාද?
මම ව්‍යාපාරික අලෙවි කළමනාකරණය සම්බන්ධයෙන් බාහිර උපාධිය පටන් ගෙන තිබුණත් පහු ගිය කාලය පුරාවට මගේ වැඩ එක්ක වසරින් වසර එය කල් දාන්න සිද්ධ වුණා. නමුත් මේ වසරේ මගේ උපාධිය සම්පූර්ණ කර ගත යුතුයි කියන දැඩි අධිෂ්ඨානයෙන් නැවත ඉගෙනීමේ කටයුතු පටන් ලෙන තියෙනවා. මම ව්‍යාපාර ක්ෂේත්රයට කැමැතියි. ඉදිරියේදී ව්‍යාපාරික පැත්තටත් යොමු වෙන්න ලොකු අදහසක් තිබෙනවා.
ඒ කියන්නේ දිගු කාලීනව රංගනයේ රැෙඳන්න බලාපොරොත්තුවක් නැහැ?
වසර 20- 30 ගිහිනුත් වැඩවලට කතා කළොත් මම අනිවාර්යයෙන් යාවී.
රංගනය හා නර්තනය නිසා දැන් ඔබට නිවේදනය මඟහැරී ඇති හැඩයි?
රංගනට එක් වූ පසු සිරසේ වැඩසටහනක් ඉදිරිපත් කළා. නමුත් පහුගිය කාලේ කෙහෙත්ම වෙලාවක් හොයා ගන්න පහසු වුණේ නැහැ. දැනටත් ඒ කාර්යබහුලත්වය එහෙමමයි. නමුත් ඉදිරියේදි නිවේදනයටත් ඉඩකඩ තියේවි.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )
පුවත්
-
දැන් ටෙලි නාට්‍ය හැදෙන හැටි ගැන මගේ මනාපයක් නෑ ප්‍රවීණ කලා ශිල්පි රොඩ්නි වර්ණකුල
Dec 12, 2019 10.06am Views 0 Read More...ශ්‍රීලාංකේය කලාව සිනහවෙන් පෝෂණය කරමින් විචිත්‍රවත් කළ ඔහු අපූරු කලාකරුවෙක්. රස වින්දන කලාවේ මිනිසා
-
සිනමාවේ මට ලැබුණු අවස්ථා අඩුයි ‘රෂ්’ සමඟ අප දකින ජනප්‍රිය රංගන ශිල්පි සාරංග දිසාසේකර
ජනප්‍රිය රංගන ශිල්පි සාරංග දිසාසේකර බොහෝ විට අපට දකින්න ලැබෙන්නේ පුංචි තිරය ඔස්සේ. නමුත් මේ දිනවල
-
සිනමා නිළියක ලෙස ඇගයීමක් ලැබීම මගේ හීනයක්
වෘත්තියෙන් බැංකු නිලධාරිනියක වුවද කුඩා කල සිටම ගායනය, නර්තනය හා රංගනයට යන තෙ අංශයටම දස්කම් -
‘ගාමණී’ චිත්‍රපටය තව අවුරුදු 50කින් පසුවත් බැලිය යුතු නිර්මාණයක්
කලාව මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනයන අනිර්වචනීය වස්තුවකි. කලාකරුවා ජීවිතය විඳින අයුරු -
නව පරපුරේ රංගන ශිල්පිනි යශෝධා රසඳුනි
ජනප්‍රියත්වය ගැන කතා කළොත් මම ඉන්නෙ එහි පල්ලෙහාම තැනක. මම අදටත් බස් එකේ, පාරේ නිදහසේ -
යථාර්ථයට මුහුණ දෙමින් ඉදිරියට යා යුතුයි ජනප්‍රිය රංගන ශිල්පිනි මනීෂා නාමල්ගම
රංගනය අහම්බෙන් තෝරා ගත් හෝ විනෝදෙට කරන දේකුත් නෙමෙයි. ඉඳල හිටලා කරන දේකුත් නෙමෙයි. -
රංගනයට අකැමැත්තක් නැහැ ඉදිරියේදි සලකා බලමු සංගීත විශාරද ජනප්‍රිය ගායිකා චරිතා ප්‍රියදර්ශනී පීරිස්
ගොඩක් දේවල් ඇඳගෙන හිටියොත් එය ඔළුවටත් වදයක්. බුදු හාමුදුරුවෝ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාව තුළ ජීවිතය