දෝණිගේ උපන් දිනේට ළමා නිවාසයට දානයක්

0 Jul 02, 2019 09.18am Art

‍ෙම් දිනවල හිරු ටී.වි තුළින් විකාශය වන අහස් මාළිග‍ා හරහා ඔබේ ආලින්දයට එන විශ්ව කොඩිකාර රංගන ක්ෂේත්‍රයට බිහිවූ ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පියෙක්. පුංචි තිරයේ ආදරවන්තයා ලෙසින් ප්‍රේක්ෂක ආදරය ලබන ඔහුට සමාජ සත්කාරක සේවයන් වලට වගේම ආගමික කටයුතුවලටත් වැඩි කැමැත්තක් දක්වන කලා ශිල්පියෙක් කියලා කවුරුත් දන්නවා.

පසුගිය දිනවල විදෙස් ගතවෙලා හිටපු විශ්ව නැවත ලංකාවට ඇවිත් කියලා ආරංචි වුණා. ඔහුගේ අලුත්ම තොරතුරු දැනගන්නට අපි ඔහුට කතාකළා.සුපුරුදු විදියට අහස් මාළිගාවල රූගත කිරීම්වලට සහභාගී වෙනවා.

ඊට අමතරව බ්ලැක්මේල් සහ සඳ විමන කියලා ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීමිවල වැඩ කටයුතු කරගෙන යනවා. කලා කටයුතුවලට අමතරව ‍මගේ පෞද්ගලික ජිවිතයේ අද අමතක නොවන දවසක්. ඒ තමයි මගේ දෝණිගේ හතරවන උපන් දිනය යෙදිලා තියෙන්නේ අදයි. ඒ වෙනුවෙන් ළමානිවාසයකට මෙවරත් දානයක් දෙන්නයි හිතන් ඉන්නේ. ඒ ව‍ගේම පසුගිය විසි හත්වනදා මගේ පුතා‍ට අකුරු කි‍ෙයවුවා.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post