පාස්කු ප්‍රහාරය නිසා විවාහය කල් ගියා

0 Jun 29, 2019 09.50am Art

සිනමාව තුළ ඇගේ රුව නොමැති නිර්මාණයක් නොමැති තරම්.ක්ෂේත්‍රයේ වගේම ප්‍රේක්ෂකයන්ගේත් නොමද ආදරය දිනා සිටින අනූෂා ක්ෂේත්‍රය තුළ සිටින සුන්දර මෙන්ම නිහතමානී චරිතයක් කීවොත් නිවැරදි. රංගනයට වගේම ඇ‍ය සතු නර්තන හැකිය‍ාවද ඊට දෙවැනි වන්නේනෑ.

DANCING QUEEN කියන අන්වර්ත නාමයෙන් ද ඇය හඳුන්වන්නේ ඒ නිසයි. කලින් කලට කාගේත් කතාබහට ලක්වන චරිතයක් වන ඇය ගැන පසුගිය දිනවල වැඩි කතාබහ‍ට ලක්වුණේ කල් ගිය ඇගේ මංගල උත්සවය නිසයි.පාස්කු ප්‍රහාරය නිසා දින නියම වෙලා තිබුණු මංගල උත්සවය සැප්තැම්බර් දොළොස්වනදාට කල් ගියා.

ඒත් සුපුරුදු විදිහටම එම දිනයත් දින නියමයක් නොමැතිව කල් ගියා කියලා අප‍ට ආරංචි වුණා. එහි ඇත්ත නැත්ත දැනගන්න අපි අනූෂාට කතා කළාම ඇය කීවේ, පාස්කු ප්‍රහාරය නිසා සැප්තැම්බර් මාසයට කල්ගිය අපේ වෙඩින් එක තුන්වැනි වතාවටත් කල්ගියා. එයට හේතුව විදියට ඇය කීවේ නැකත්වල ඇතිවු ප්‍රශ්නයක් නිසා කියලයි.


( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post