නේපාල තරුණියන් එක්ක බුද්ධික කරපු දේ දැන් එළියට ඇවිත්

0 Nov 30, 2018 01.35pm Art

බුද්ධික රසිකයන්ව නටවන්න කරපු අලුත් වැඩේ මොකද්ද කියලා කියමුකෝ?

මම ගොඩක්ම ප්‍රිය කරන්නේ වේග රිද්ම ගීතවලට. සමන් ද සිල්වා මහත්මයාගේ, එම්.එස්. ප්‍රනාන්දු මහත්මයාගේ ගීත තමයි මම සාමාන්‍යයෙන් වැඩිපුර ගායනා කරන්නේ. ඉතිං මම කල්පනා කළා වේග රිද්ම ගීතයක් කළා නම් හොඳයි කියලා. ඒ නිසා තමයි 'බඹරි මගේ' කියන ගීතය කළේ. ස්වර්ණවාහිනි නාළිකාව ඇතුළු අනෙක් නාළිකාවල ගීතය ප්‍රචාරය වෙනවා.


මේ ගීතයේ නිර්මාණ පසුබිම?

මම අශාන් ප්‍රනාන්දුව මුණගැහිලා කිව්වා නටන්න පුළුවන් ගීතයක් කරන්න ඕන කියලා. මේ ගීතය කාවඩි නැටුම්වලට පවා අරගෙන තිබ්බා. ඒක මට සතුටුයි. ශෙහාන් ගලහිටියාව තමයි මේ ගීතය ලිව්වේ. කිත්සිරි ගංගනාත් මහත්මයා, මේ ගීතයේ වීඩියෝව කරන්න සම්පූර්ණයෙන් උදවු කළා. මගේ යාළුවෝ ගොඩක් මේ වැඩේට උදවු කළා. මම ගීතයේ පූර්ව ප්‍රචාරක කටයුතු කළේ ෆිල්ම් එකක් රිලීස් කරනවා වගේ. ඒ වෙනස නිසා තමයි ගීතයට ප්‍රතිචාර තියෙන්නේ.

ගීතයේ වීඩියෝවට එකතු වුණේ නේපාල තරුණියන්. ඔවුන් සම්බන්ධ කරගත්තේ කොහොමද?

මේ ගීතයේ නටන ගැහැනු ළමයි ටික නේපාලයේ තරුණියන්. කිත්සිරි ගංගනාත් මහත්මයාගේ සිප්වින් එන්ටර්ටේන්මන්ට් කියලා ක්ලබ් එකක් තියෙනවා. එතන පිටරට අය තමයි ඩාන්ස් කරන්නේ. ඒකෙ ඉන්නා අය තමයි මම වීඩියෝවට සම්බන්ධ කර ගත්තේ. නිලන්ති ඩයස් මට මේ වැඩේට රංගනයෙන් ලොකු උදව්වක් කළා.

දැන් යන රැල්ලත් එක්ක වෙන හැඩයක් ගේන්නද මේ වගේ නිර්මාණ කරන්නේ?

දැන් යන රැල්ලත් එක්ක පොඩි වෙනසක් මේ ගීතයේ තියෙනවා. නමුත් මේ ගීතයෙන් මහා විපර්යාසයක් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. මේ සිංදුවට නටන්න පුළුවන් කියලා මම දන්නවා. රංගන ක්‍ෂේත්‍රයේ කළ දේවල් වගේ, කාර් රිවර්ස් කළා වගේ, වර්ල්ඩ් රෙකෝඩ් තිබ්බා වගේ, නොනවතින ඉංගී්‍රසි රැල්ලක් හඳුන්වා දුන්නා වගේ, ඉංගී්‍රසි, සිංහල, දෙමළ මන්තර වගේ දේවල් මම හඳුන්වා දුන්නා. ගීත වෙනුවෙනුත් ඉදිරියේදී මොනවද කරන්න පුළුවන් කියලා බලනවා.

ඔබ ප්‍රසංග වේදිකාවේදී සමන් ද සිල්වාගේ ගීත ගයනවා. එයට ඔහුගෙන් විරුද්ධත්වයක් නැද්ද?

නැහැ. මම කරන ඩයලොග් රිද්ම රාත්‍රිය වැඩසටහනේ සමන් අයියයි මමයි එකට ගීත ගායනා කළා. සමන් අයියගේ පුතා ලංකාවට ඇවිත් විදේශගත වෙන්න කලින් තිබ්බ පාටියේදී සමන් අයියගේ දුවලා, බිරිය ඔක්කොම කිව්වේ සමන් අයියගේ සිංදුවක් කියන්න කියලා. ඔය ඉර්ඉ තරගවලින් ඇවිත් සිංදු කියන අය එයාලගේ ගීත වගේ ප්‍රවීණ ශිල්පීන්ගේ ගීත ගයනවා. මුල් ගායන ශිල්පියාව මතක් කරන්නෙවත් නෑ. ඒකත් එක්ක තමයි මුල් ගායකයන්ට කේන්ති යන්නේ. මම වෙනත් ශිල්පියෙක්ගේ ගීතයක් කොහෙදි ගායනා කළත් ගීතය මැදදි මුල් ගායන ශිල්පියාව මතක් කරනවා. ඒ නිසා මට ඔවුන්ගෙන් ගැටලුවක් වෙලා නැහැ. මට පොඩි සමන්වත් ලොකු සමන් කියන්නෙවත් නෑ. පොඩි එම්.එස්.වත් ලොකු එම්.එස්. කියලා කියන්නෙත් නෑ. මම බුද්ධික රඹුක්වැල්ල. මගෙන් මුල් ගායන ශිල්පියාට හානියක් වෙන්නේ නැහැ.

තමන්ගේ ගීතවලින් අනන්‍යතාව රැක ගත්තොත් නරකද?

මගේ ගීතවලින් අනන්‍යතාව දැන් ගොඩ නැඟීගෙන එනවා. මම වේදිකාවට ගිය ගමන් සින්දු ප්‍රවෘත්ති, ක්‍රිකට්, කවි බණ වගේ දේවල් කියන්න කියලා ඉල්ලනවා. ඔය අතරේ මම මගේම සිංදුවක් තියෙනවා කියලා ඒවත් ගායනා කරනවා. මගේ සින්දු ජනප්‍රියයි කියලා බොරුවට කියන්න මම ආස නැහැ. හොඳ දෙයක්වත් නරක දෙයක්වත් මිනිස්සුන්ට බලෙන් දෙන්න අපිට බැහැ. ප්‍රේක්ෂකයෝ ගන්න දේ දෙන එක තමයි මම කරන්නේ. හිමින් හිමින් මගේ ගීත ජනප්‍රිය කරගෙන යනවා. සල්ලි දීලා නම් ගීත ජනප්‍රිය කරන්න මම යන්නේ නැහැ.

දැන් නළුවෝ ගායකයෝ වෙනවා. ගායකයෝ නළුවෝ වෙනවා. නළුවෙක් වුණ ඔබ ගායනය පැත්ත තෝරා ගත්තේ දැන් යන රැල්ලත් එක්කද?

මට ඒකට ලොකු අයිතියක් තියෙනවා. 1998දී ප්‍රසංග වේදිකාවට මාව හඳුන්වා දුන්නේ හේමසිරි හල්පිට. ඒ කාලේ මම හිටපු නාට්‍යක් විකාශය වුණ කාලය. ඒ කාලේ කටහඬවල් අනුකරණය කරන්න මට හැකියාව තිබ්බා. කටහඬවල් 22ක් අනුකරණය කරලා ලංකාවේ තාත්වික හඬවල් මුවින් නිකුත් කිරීමේ හොඳම තරුණයා ලෙස තුරුණු ශක්ති සම්මාන උළෙලේදි මාව තේරුණා. ඊට පස්සේ ප්‍රසංග වේදිකාවේ ඉඩකඩ මට ලැබුණා. සීදුව සකුරා කණ්ඩායමේ නියාමක විකට ශිල්පියා ලෙස ඒ කාලේ වැඩ කළා. මේරියන්ස්ලා එක්ක මම ෂෝවලට ගියා. සන්ෆ්ලවර් නීල් අයියත් එක්කත් මම සම්බන්ධ වුණා. මට ප්‍රසංග වේදිකාවේ තිබ්බ නෑකමත් එක්ක මගේ වැඩ කොටස ඉවර වෙලා ගීතයකුත් ගායනා කරන වැඩේ පටන් ගත්තා.

සමාජ මාධ්‍ය හවුල් කරගෙනත් බුද්ධික මේ දවස්වල අලුත් වැඩක් කරනවනේ?

මම ටචජඥඡධධඬ තඪමඥ ඹඪබඩ බුද්ධික කියලා වැඩසටහනක් කරනවා. ලංකාවේ ඉන්න හොඳම ආර්ටිස්ලා මේ වැඩසටහනට එකතු වෙලා තියෙනවා. ඒ වැඩසටහනට බොහෝ දෙනෙක්ගෙන් හොඳ ප්‍රතිචාර තියෙනවා. ලංකාවේ සහ විදේශ ගතවෙලා ඉන්න ලාංකිකයෝ පවා ඒක බලනවා.

විදේශීය නිර්මාණවලටත් බුද්ධිකට එකතු වෙන්න ලැබුණා නේද? තවත් එවැනි අලුත් වැඩ තියෙනවද?

ඇමෙරිකාවේ ඉන්න නෙල්ෂන් ප්‍රනාන්දු මහත්මයා නිෂ්පාදනය කරන වැඩකටත් ලෑස්ති වෙනවා. ඒක වෙනස්ම අත්දැකීමක්. 70%ක් විතර රූගත කිරීම් කරන්නේ ලංකාවේ. ඉතිරි රූගත කිරීම් ඇමෙරිකාවේ කරන්නේ. ලෝක ප්‍රසිද්ධ රිචඩ් ගේල් සහ ජෙනිෆර් ලෝපස් සමඟ තමයි මට රඟපාන්න තියෙන්නේ. ලබන වසරේ එහි රූගත කිරීම් පටන් ගන්නවා. මට ප්‍රධාන චරිතය නිරූපණය කරන්න තියෙන්නේ. ගුඩ්නයිට් කලම්බු කියන මම රඟපාපු චීන චිත්‍රපටය යූ ටියුබ් එකෙන් බලාගන්න පුළුවන්. මම කාර් එකක් 101ඬථ රිවර්ස් කළා. අත්දෙකට මාංචු දාලා කකුල් දෙකෙන් කාර් එක ධාවනය කළා 903ඬථක්. මේ වගේ මම තියපු වාර්තා තමයි මාව විදේශීය චිත්‍රපටවලට තෝරගන්න හේතුවක් වුණෙත්.
(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post