3D තාක්‍ෂණය එක්ක කීර්තිගෙන් අලුත් වැඩක්

0 Nov 28, 2018 09.40am Art

ඔබ පසුගියදා, විශේෂ ගීත නිර්මාණයක් එළිදැක්වූවා. අපි ඒ ගැන කතා කරමු.

"සිත කොහේදෝ ගිහින්" කියන මගේ අලුත්ම ගීතය රූප රචනයත් ක්කම පසුගිය 16 වැනිදා රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී නිකුත් කළා. එදින මට අවශ්‍ය වූයේ බොහෝ පිරිසක් ඉදිරියේ මේ අත්දැකීම ලබාදීම.


මෙය නවීන තාක්‍ෂණය උපරිම ලෙස යොදාගත් ගීතයක්. විශේෂයෙන්ම 3ච් තාක්‍ෂණයත් 8ච් කියන තාක්ෂණයත් එකතු කරලා, මෙය නිර්මාණය කළා. ඒත් සමඟම ඉතාම හරබර, රසබර පද මාලාවත් සංගීතයත් මගේ කටහඬත් මුසුවෙලා හොඳ ගීතයක් නිර්මාණය වී තිබුණා.

ගීතය නිර්මාණය කිරීමට දායක වුණු නිර්මාණකරුවන් ගැනත් මතක් කරමු?

ගීතයේ පද රචනය කළේ සමන් කුලරත්න. සංගීතය නිර්මාණය කළේ නව පරපුරේ සංගීත අධ්‍යක්‍ෂවරයෙක් වන සඳරුවන් ජයසිංහ.

කාලයක් ඉඳලා වෙනස්ම වැඩක් කරන්න හිතුවේ?

මම හැමවිටම වෙනස් දෙයක් කරන්න උත්සාහ ගන්නවා. මොකද අපි මේ ක්ෂේත්‍රයේ ලබාගත් අත්දැකීම් සහ වැඩිහිටියන් විදියට ක්ෂේත්‍රයේ ගමනක් ආවම අපි අනිත් අයට ආදර්ශයක් ලබා දෙන්න ඕනේ. අනෙක් අයට හරි පාරක් කියා දෙන්න ඕනේ. තරුණ පරපුරට හොඳ මඟ පෙන්වීමක් කිරීම අවශ්‍යයි. ඒ නිසා ඒ සියල්ලක්ම තුළ යාවත්කාලීන වෙමින් නවීකරණය වෙමිනුයි මගේ කටයුතු ගොඩක් කරන්නෙ.

මේ ගීතයේ තාක්‍ෂණික වටිනාකම මාධ්‍යවලින් එළියට ගන්න පුළුවන්ද?

අවශ්‍ය නම් කෙනකුට යූ ටියුබ් එකේ 3ච් තාක්‍ෂණය යටතේ මෙය නැරඹිය හැකියි. ඒ වගේම 8ච් හඬපටය හෙඩ් සෙට් එකක් ආධාරයෙන් රසවිඳිය හැකියි. එහිදී විශේෂ ශබ්ද තරංග ගමන් කරන ආකාරය රස විඳිය හැකියි.

ගීතයකට මෙවැනි තාක්‍ෂණික වෙනසක් කළේ ලකුණක් තියන්නද?

මම පරණ මතවල ඉන්න උත්සාහ ගන්නේ නැහැ. මම නිර්මාණවලට අලුත් තාක්‍ෂණය යොදා ගන්න උත්සාහ කරනවා. ලෝකය දියුණු වීමත් සමඟ අපිත් ඉදිරියට යන්න ඕනේ. එවිටයි අපිට යම් දිනයක අන්තර්ජාතික මට්ටමට පය තැබිය හැකි වන්නේ. එනිසා නිර්මාණ තුළ අලුත් දේවල් කරන්නට උත්සාහ ගැනීමෙනුයි අපේ තරුණ පිරිසත් ඒ කරා පෙලඹෙන්නේ. ඇතැම් නිර්මාණවලට අසභ්‍ය දර්ශන ඇතුළත් කරගෙන, එසේ නැත්නම් ඒවාට හරසුන් කතාවක් ඇතුළත් කරගෙන වැඩි ප්‍රේක්‍ෂක මනාපයක් ගැනීමට ඇතැම් අය උත්සාහ ගන්නවා. එයින් සිදු වන්නේ කලාව පෝෂණය කිරීමක් නොවෙයි. කලාව අගාධයට පත්වීමක්.

එවැනි දේවල් වන කාලයේදී තාරුණ්‍යයට ආදර්ශයක් දෙමින් හොඳ දෙයක් කර කොතරම් ප්‍රේක්‍ෂක මනාපයක් තිබෙනවාද යන්න ඒ අයට එත්තු ගැන්වීම තුළින් ඔවුන් හොඳ නිර්මාණ කිරීමට උත්සාහ ගනීවි කියලා මම සිතනවා.


මේ රූප රචනයේ සාමාන්‍ය කතා ශෛලියත් නෑ නේද?

ඔව්. රූප රචනය තුළ කතාවක් නැහැ. ගායනයත්, රංගනයත් තමයි තියෙන්නේ. මේ ගීතයේ අර්ථය වෙනුවෙන් කතා නිර්මාණය කර ප්‍රේක්‍ෂකයන්ට දෙනවට වඩා ප්‍රේක්‍ෂකයාගේ සිතුවිලි අනුව යම්කිසි චිත්ත රූපයක් මවා ගන්නා අතරතුර ගීතය රස විඳීමයි සුදුසු විය යුත්තේ.

දෑසට ප්‍රිය මනාප රසඳුනක් වන දර්ශන ඇතුළත් රූපරාමු ගීතයට යොදා ගත්තොත් ඒක ප්‍රේක්‍ෂකයා අගය කරයි කියලා මට හිතුණා.

360ෟ ර්ථීපධඤභජබඪධද ට්පධභන කියන තරුණ කණ්ඩායම තමයි මේ නිර්මාණය කළේ. තරුණ දරුවන්ගේ හැකියාවත් සමඟ තාක්ෂණය සහ නිර්මාණාත්මක අතින් ඉතාමත් වටිනාකමක් දෙන්න හැකියාව ලැබුණා.

ඒ ගීතයට මම යම්කිසි රසයක්, සෞන්දර්යයක් ගෙන දෙන රූප රචනයක් ඇතුළත් කළා. මෙයට මට චන්න විජේවර්ධන ප්‍රවීණ රංගධරයා සහාය වුණා. එතුමාගේ ශිෂ්‍යාවකගේ රංගනය මේ ගීතයට ඇතුළත්.

නිර්මාණය වෙනුවෙන් ලොකු මුදලක් වැය කරන්න සිදු වෙන්න ඇති...?

අනිවාර්යයෙන්ම. ඒකට ලොකු මුදලක් වියදම් වුණා. මුදලට වඩා මම හිතනවා නිර්මාණය තුළ තිබෙන වටිනාකම මිල කරන්න බැහැ. ඒ අතින් මේ නිර්මාණයට දායක වුණු 360ෟ ප්‍රඩක්‍ෂන් ටීම් එක 3ච් තාක්‍ෂණය මේ නිර්මාණයට ගේන්න ගොඩක් මහන්සි වුණා.

අපේ රටේ මේ වගේ දෙයක් කරනවා කියන එක ගැනත් ආඩම්බර වෙන්න ඕනෙ. අපේ පොඩි කොල්ලො නැත්නම් මේක විදේශ රටකට අරගෙන ගියානම් කෝටි ගණනක් වියදම් කරන්න වෙනවා.

අපේ දරුවො මේ වගේ දේවල්වලට බයක් සැකක් නැතුව සාර්ථක ලෙස අතගහනවා. ඒ දේවල් අපි අගය කරන්න ඕනෙ.

බොහෝ පැරැණි ගායකයන්ගේ මුල්කාලීන ගීත ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. මේ ගීතයත් ඔබේ පැරැණි ගීත වගේම ප්‍රේක්‍ෂකයන් අතර ජනප්‍රිය වෙයිද?


ඔව්. මං හිතනවා දැනටමත් මේ ගීතය අහලා තියෙන අය අතර ජනප්‍රියයි කියලා. මගේ මෑත කාලයේ ජනප්‍රිය වුණු කඳුළ ඉතින් සමාවෙයන්, තව දවසක් හමුවී යන ගීත වගේම මේ ගීතයත් ප්‍රේක්‍ෂකයන් අතර ජනප්‍රිය වෙයි කියලා මම විශ්වාස කරනවා.

ඔබ ගීතයක් කරන්න කොච්චර කාලයක් ගන්නවාද?

ගීත නම් නිතරම කරනවා. මම හැම සතියකටම එක ගීතයක් වගේ පටිගත කරනවා. නව පරපුරේ අය ගීත නිර්මාණය කරලා මා ලවා ගායනා කරනවා. මම ඒවාට කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. ඒ ගීත හොඳ නම් ගැළපෙනවානම් මම ඒ ගීත ගායනා කරනවා. මම මුදල් පස්සේ යන්නේ නැහැ.

නිර්මාණය අගය කරලා නිර්මාණයට යම්කිසි වටිනාකමක් මගේ කටහඬ තුළින් දෙන්න පුළුවන් නම් ඒක කරන එක තමයි මගේ සාමාන්‍ය ප්‍රතිපත්තිය. ඊට පස්සෙ මෙලෙස නිර්මාණය වන ගීත අතුරින් සුවිශේෂී ගීත නිර්මාණය වෙනවා.

එහෙම නිර්මාණයක් නිර්මාණය කරනකල් ඉඳලා ඒ ගීතයට ප්‍රසිද්ධියක් ලබා දීමට මම උනන්දු වෙනවා. ඒ වෙනුවෙන් වැඩි අවධානයක් දීලා ඒවා ඉදිරියට ගන්න මම උත්සාහ ගන්නවා. ඒ වගේ ගීතයක් තමයි මේක.

ඉස්සරහට කරන්න ඉන්න වැඩ මොනවද කියලත් කියමු නේද?

ලබන වසරේ අගෝස්තු 24 වැනිදා ඕර්ධ්ඛ්ඩ්හිදී මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය පැවැත්වෙනවා. ඒ අතරතුර විදේශ සංචාර කිහිපයකම නිරත වෙන්න තිබෙනවා. මේ සියල්ල සමඟින් ලබන අවුරුද්දෙත් කාර්යබහුල වෙයි.
(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post