අයිශාරාගේ කැදැල්ලට ආපු පුංචි සුරංගනාවි

0 Nov 26, 2018 10.01am Art

දුවත් එක්ක ගෙවන ජීවිතේ කොහොමද අයිශාරා?

හරිම සුන්දරයි. එයත් එක්කම තමයි දැන් කාලය ගත කරන්නේ.

දුවගේ වැඩ රාජකාරිවලට සැමියා ගොඩක් උදවු වෙනවා ඇති නේද?

හස්බන්ඩ් නැඟිටින්නෙම දුවත් එක්ක කාලය ගත කරන්න බලාගෙන. වැඩ ඇරිලා එන්නෙත් දුව එක්ක ඉන්න. ගෙදර ඉන්න වෙලාවට එයා බබා එක්කම තමයි ඉන්නේ. එතකොට තමයි මට අනෙක් වැඩ කරගන්නත් ලැබෙන්නේ. හස්බන්ඩ් කොහොමත් බබාලට හරි ආදරෙයි. මටත් වඩා එයාට බබාව බලාගන්න තේරෙනවා. බබාව අඬවන්නේ නැතිව බබාව බලාගන්නවා. ඒක මටත් පහසුයි. බොහොම සතුටින් බබාත් එක්ක කාලය ගත කරනවා.

දුවගේ පෙනුම කවුරු වගේ කියලද ප්‍රතිචාර ලැබෙන්නේ?

දුවගේ පෙනුම බැලූ බැල්මට එයාගේ තාත්තාගේ වගේ කියලා තමයි හැමෝම කියන්නේ. හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි හස්බන්ඩ්ගේ පොඩි කාලේ ෆොටෝස් අපිට එවනවා. ඒවා බලද්දි දුවත් ඒ වගේම තමයි. දුවෙක් වුණාට දැනට පුතෙක්ගේ වගේ පෙනුමක් තියෙන්නේ. හස්බන්ඩ්ගේ පාට, එයා නිදාගන්න විදිය වගේ හැම දෙයක්ම දුවටත් ඇවිත් තියෙනවා. හස්බන්ඩ්ගේ තාත්තාගේ ෆොටෝස් බලද්දිත් පුංචි කාලේ තාත්තාගේ පෙනුමත් දුවට තියෙනවා.

දුවගේ අනාගතය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඇති?

එකම බලාපොරොත්තුව දුවට හොඳ අධ්‍යාපනයක් දෙන එක. අපේ මවුපියොත් අපිට දුන්න දේ ඒක. අපිත් දුවට හොඳ අධ්‍යාපනයක් දීලා එයා කැමැති ක්ෂේත්‍රයක ඉදිරියට යන්න අවස්ථාව දෙනවා. බාහිර දේවලුත් ළමයින්ට කරන්න ඉඩ දෙන්න ඕන. එතකොට තමයි එයාලගේ දක්ෂතා තව එළියට එන්නේ. අධ්‍යාපනික වටපිටාව හැදුවට පස්සේ එයා කැමැති දේ ඉදිරියට යන්න තෝර ගනියි.

අයිශාරාත් නීති ක්ෂේත්‍රයෙන් ඉගෙන ගත්ත කෙනෙක්. එයින් ප්‍රයෝජනයක් ගන්නේ නැද්ද?

මම ලන්ඩන්වල නීති උපාධිය සම්පූර්ණ කළා. ලංකාවේ නීති විද්‍යාලයේ රෙජිස්ටර් වුණාට තාම එය සම්පූර්ණ කරන්න බැරි වුණා. ඉදිරියේදී ඒ දේවල් සම්පූර්ණ කරගන්න බලපොරොත්තු වෙනවා. මගේ මවුපියෝ කිව්ව එකම දේ තමයි අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට යන්න කියලා. ගැහැනු ළමයෙක්ට ඒක ගොඩක් වැදගත්. මගේ දුව වෙනුවෙන් කරන්නෙත් ඒක. ගැහැනියකට ඉදිරියේදී තනියෙන් වුණත් ජීවත් වෙන්න පුළුවන් විදියේ ශක්තියක් ආර්ථිකය පැත්තෙන් තියෙන්න ඕන. මගේ දුවව හදන්නෙත් මම ඒ විදියට. බාහිරින් තියෙන බොහෝ දේවල් අද තිබිලා හෙට නැති වෙනවා. නමුත් අපි ඉගෙන ගත්තොත් ඒ දේ නැති වෙන්නේ නැහැ. ගැහැනු කෙනෙක්ට තියෙන ලොකුම ශක්තිය ඒක.

දුව අයිශාරාගේ රංගන ජීවිතයට දිග නිවාඩුවක් අරගෙන දෙයිද?

රංගන ජීවිතයේ දිග නිවාඩුවක් ගන්න බලාපොරොත්තුවක් නෑ. විදේශගතව ඉන්න කල් රඟපාන්න වෙන්නේ නෑ. මට වැඩ කිහිපයක් මඟහැරුණත් එක්ක. බබා ලැබෙන්න හිටපු කාලේ ලංකාවට එන්න යන්න බැරි නිසා වැඩ මඟ හැරුණා. මාස පහකට වගේ කලින් ආරාධනාවක් ලැබුණා උඳුම්බරා චිත්‍රපටයට. මම ජැක්සන් ඇන්තනී මහත්මයා සමඟ රඟපාන්න කැමැත්තෙන් හිටියා. නමුත් ඒකට යන්න බැරි වුණා. තවදුරටත් රංගනයෙන් ලොකු කාලයක් නිහඬ වෙලා ඉන්න බලාපොරොත්තුවක් නෑ.

අලුත් වැඩවලට ආරාධනා ලැබුණද?

අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක්ම ඇහුවා කොයි කාලෙද ලංකාවට එන්නේ කියලා. සමහර අයගේ තිරපිටපත් ගැන කතා කරලත් තියෙනවා. නමුත් ඒ වැඩ කිසිම දෙයක් තාම ස්ථිර නැහැ.

ප්‍රදීප් ධර්මදාස එක්ක කරපු අයිස්ක්‍රීම් කියන චිත්‍රපටය එන්න තියෙනවා. ඒ චිත්‍රපටය කරලා අවුරුදු දෙකකටත් වැඩියි. ඝරසරප චිත්‍රපටයේ ආරාධිත රංගනයක මම හිටියා. ලංකාවට එනකල් වේදිකා නාට්‍ය කරන්න වෙන්නේ නෑ. ටෙලි නාට්‍ය කරන්නත් ලොකු අදහසක් නෑ. මොකද හොඳ ටෙලි නාට්‍ය කෙරෙන්නේ බොහොම කලාතුරකින්නේ. චිත්‍රපටවල හොඳ ආරාධනාවක් ලැබුණොත් කැමැති අධ්‍යක්ෂවරයෙක්ගේ හොඳ තිරපිටපතක් ලැබුණොත් ලංකාවට පදිංචියට එනකල් ඇවිත් කරලා යන්න බලාපොරොත්තු වෙනවා.

දැන්ම ලංකාවට එන්න අදහසක් නැද්ද?

ලංකාවේ පදිංචියට ඉක්මනින්ම එනවා.


පහුගිය දවස්වල දේශපාලන මඩ ගැසීම්වලට අයිශාරාගේ ඡායාරූපයක් පාවිච්චි කරලා තිබ්බා. ඒ ඡායාරූපයේ ඇත්ත කතාව මොකක්ද?

දැන් තියෙන දේශපාලන තත්ත්වය එක්ක පක්ෂවලට මඩ ගහන්න, නිමල් සිරිපාල මැතිතුමාට මඩ ගහන්න එයා මාත් එක්ක ඉන්න ඡායාරූපයක් පාවිච්චි කරලා තිබ්බා.
(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post