" චාමිකව මුලින්ම හඳුනගන්නේ ගීත රචකයෙක් විදියට, ඔය යාළුකම තමයි අපි අතර බැඳීමක් දක්වා දුරදිග යන්නේ.."

0 Aug 08, 2018 11.45am Art

"මම බලාපොරොත්තු වුණු කෙනෙක් මට ලැබුණා.."

"අද මම ඒ ආදරය හැබෑවටම විඳිනවා.. ඒ ආදරය මට ලැබෙනවා..."

දීපිකා ප්‍රියදර්ශනී පිරිස් කියන්නේ බාල තරුණ මහළු කවුරුත් ආදරේ කරන ගායන ශිල්පිණියක්. ඇය පසුගියදා විවාහ ගිවිස ගත්තා ඇයගේ විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ මෙම මස 15 දා. හැම මනුස්සයෙකුටම ආදරේ අවශ්‍යයි ජිවත් වෙන්න. ඒ ආදරණිය හැගීම සතුටින් විදින්න දිපිකාටත් හැකියාව ලැබිලා තිබෙනවා. ඒ ගැන ඇය කියන්නේ මෙහෙම කතාවක්.

" මම ආදරය ගැන හුඟාක් ගීත ගායනා කරල තියෙනවා. ඒ ගීත ඇතුළේ මම බොහෝවිට ආදරය විඳල තියෙනවා.. ඒ වගේම ගොඩාක් දෙනෙක් මගේ හඩින් ගැයුණු ආදර ගීත ගැන කතා කරල තියෙනවා.."

" අද මම ඒ ආදරය හැබෑවටම විඳිනවා.. ඒ ආදරය මට ලැබෙනවා.. කාලයක් පුරාවට ඉවසීමෙන් බලාපොරොත්තු වුණු දේ අද මට හිමි වී තියෙනවා.."

දීපිකාට මේ ආදරය උරුම කර දුන් ඉරණම්කාරයා මුණගැහුණේ කොහොමද..?
" චාමිකව මම මුලින්ම හඳුනගන්නේ ගීත රචකයෙක් විදියට.. මම ඒ ගීතය ගායනා කරන්න භාර ගත්තට පස්සේ අපි නිතර කතා කරනවා.. අදහස් හුවමාරු කරගන්නව.. ඔන්න ඔය යාළුකම තමයි අපි අතර බැඳීමක් ඇතිවන තත්ත්වය දක්වා ගමන් කරන්නේ..ඊට පස්සේ අපි අපේ වැඩිහිටියන්ට මේ ගැන කියනවා.. ඒක ඇත්තටම මහ පුදුමාකාර කතාවක්..,"

'මගේ අම්මා ඉන්නේ හුඟාක් අසනීපෙන්... ඒ නිසාම තමයි මම ලතා ගමගේ මහත්මියගේ උදවු පැතුවේ..ඇය ඊට මැදිහත් වුණේ අම්මා කෙනෙක් වගේ..,"

"මම බොහොම ඉවසීමෙන් බලා සිටි නිසාම මම බලාපොරොත්තු වුණු කෙනෙක් මට ලැබුණා.. පසුගිය කාලය පුරාවටම මම බලාසිටියේ නියම වෙලාවට මට නියම ආදරයක් ලැබේවි කියන සිතිවිල්ලෙන්..ඒක මට ලැබුණා.. මම ආදරයට හුඟාක් ආදරය කරන කෙනෙක්..ඒ නිසාම ඒ ආදරයට මම හදවතින්ම ආදරය කරනවා..,"

"මගේ අම්මා හැම වෙලාවෙම මගෙන් ඇහුවේ "ඔයා කසාද බඳින්නේ නැද්ද ළමයෝ" කියලා.. එයා ඒ සතුට මගෙන් බලාපොරොත්තු වුණා.. ප්‍රාර්ථනා කළා.. අද මම ඒ සතුට ඇයට දුන්නා..මම වැඩියෙන්ම සතුටු ඒ ගැන.."

දීපිකාගේ අතගත්ත මනාල මහත්තයා වෘත්තියෙන් බැංකු නිලධාරියෙක්..මේ වෙද්දි කටාර් රටේ තමයි සේවය කරන්නේ. ඒවගේම ඔහු සංගීතයට බෙහෙවින් ළැදි පවුලක කෙනෙක්.. මාරවිල ප්‍රදේශයේ තමයි පදිංචිය.

"ඒ පවුලේ අයත් බොහොම ගූණ යහපත් උදවිය..ඇත්තටම මට අද ඒ පැත්තෙනුත් තියෙන්නේ ලොකු සතුටක්.."

දීපිකා නැවත කිව්වේ අර සුපුරුදු ආදරණීය සිනහව මතු කරමින්.

ගැහැනියකගේ ජීවිතේ ලස්සනම දවස තමයි ඇගේ විවාහය. දැන් ඒ දවසට ගැහැනියක් විදියට දීපිකාත් සූදානම් වෙනවා. ඒක ඇත්තටම අර අපි කලින් කිව්ව වගේ ආදරණීය අත්දැකීමක්.


((under the courtesy of hirutv.lk blog web) )

පුවත්

Recent Post