උදාරි ගැන කියන කටකතා මගේ පෙම්වතිය ලොකුවට හිතන්නෑ - කවුරුත් දන්නා ටිං ටිං තුසිත ධනුෂ්ක

0 Jul 25, 2018 12.33pm Art

තුසිත ධනුෂ්ක කියන නමින් ඔහුව  බොහෝ දෙනා හැඳුන්නුවේ නැතත් ටිං ටිං කියූ පමණින් ඔහුව මතකයට එන්නේ නිරායාසයෙනි. ඔහු ගැන මේ දිනවල වැඩිපුර කතාවෙන්නේ උදාරිත් එක්ක ගත්ත මංගල ඡායාරූප නිසාය. ඒ කතාවේ ඇත්ත නැත්ත අහන්න අපි තුසිතට කතා කළා.
හොර රහසෙම විවාහවුණා කියන්නෙ ඇත්තද?
ඔය කියන්නේ මමයි උදාරියි බ්‍රයිඩ්ල් ෂූට් එකක් කළා. මම අඳුරන හිතවත් නංගි කෙනෙක් තමයි ඔය ෂූට් එක කළේ. ඔය බ්‍රයිඩ්ල් ෂූට් එක නිසා ගොසිප් පළවෙලා තිබ්බා. උදාරි නැවත විවාහ වෙලා කියලා. ඒ ගැන තමයි ඔය කියවනවා ඇත්තේ.

ඔබයි උදාරියි එකට මියුසික් වීඩියෝවකත් රංගනයෙන් දායක වෙනවා නේද?
ඒ බ්‍රයිඩ්ල් ෂූට් එකත් එක්කම මියුසික් වීඩියෝවක් ආවා. හැබැයි ඔය  මියුසික් වීඩියෝව කළේ මීට මාසයකට විතර කලින්. ඔය දෙකම එක ළඟ වුණ නිසා මිනිස්සු ඒවට විවිධ අර්ථකථන දෙනවා.

ඔබයි උදාරියි අතර හුටපටයක් තියෙනවා කියන කතාව බොරුවක් කියලද කියන්නේ?
ඔව් අපි අතර එහෙම හුටපටයක් නැහැ.

උදාරියි ඔබයි විවිධ උත්සව අවස්ථාවලදිත් එකට දකින්න ලැබෙනවා. ඒක අහම්බයක්ද?
අපි කවදාවත් කපල් එකක් විදියට විවිධ උත්සවවලට සහභාගිවෙලා නැහැ. ආරාධනාවක් ලැබුණා මියුසික් වීඩියෝවක් නිසා. ඒ උදාරි හරහා.  ඒ වගේ එකකට සහභාගි වුණාට අපි එකට අනෙක් උත්සවවලට ගිහින් නැහැ.

කටකතා ගැන ධනුෂ්ක මොකද හිතන්නේ?
කටකතා කටකතාම තමයි. ඒ ගැන මම කිසිම දෙයක් හිතන්නෙ නැහැ. ඒවා එනවා යනවා එච්චරයි.

සමහර කටකතාවල ඇත්තක් නැත්තෙම නෑ නේද?
මම, මම කව්ද කියලත් දන්නවා. උදාරි කියන්නෙ කව්ද කියලත් දන්නවා. ඒ නිසා මිනිස්සු කියන කතා ඇත්තක් වෙනවා නම් මොනව කරන්න බැරිද?

මේවත් එක්ක පෙම්වතියගෙන් ලැබෙන්නෙ මොන වගේ ප්‍රතිචාරයක්ද?
එයා කවදත් මාව තේරුම් අරගෙන ඉන්නේ. ඇය කවදාවත් ඔය දේවල් ගැන ලොකුවට හිතන්නෙ නැහැ.
දවෛනි ඉනිම නිසා වැඩිපුර ධනුෂ්ක ගැන කතා වෙනවා.
ඔව් ඒ චරිතයට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ ගැන සතුටුයි.

කොහොමද ඒ සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ?
සාරංග මෙන්ඩිස් මහත්මයයි. චාමිකා අක්කයි එක්ක මට ලොකු හිතවත්කමක් තිබුණා. දවසක් ඔවුන් මට කතා කරලා කීවා දවෛනි ඉනිමෙ අලුත් චරිතයක් තියෙනවා කැමතිද භාරගන්න කියලා. මම හා කිව්වා.

මොනවද අලුත් තොරතුරු?
අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ටෙලිනාට්‍ය කිහිපයක වැඩ කළා. තවත් ඉස්සරහට ලස්සන ටෙලිනාට්‍යයක වැඩ පටන් ගන්න ඉන්නෙ. මම මතෛක් රංගනයෙන් දායක නොවුණ චරිතයක් තමයි කරන්නේ.

දැන්ම පිළිවෙළක් වෙන්න අදහසක් නැද්ද?
මගේ ජීවිතේ දැනටමත්  පිළිවෙළයි. විවාහ වෙන්න ඕනම නැහැ ජීවිතේ පිළිවෙළක් වෙන්න. කොළයකට දෙන්නෙක් අත්සන් කරන්නේ බයට. ඒ බය නිසා කොළේක අත්සන් කරලා තියාගන්න හදන්නෙ. ලෝකේ ගොඩක් රටවල්වල එහෙම නැහැ. ලංකාවේ වගේ රටවල තමයි පිළිවෙළක් වෙන්න කොළේක අත්සන් කරලා විවාහ වෙන්න ඕන කියන්නෙ.


( උපුටා ගැනීම රිවිර පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post