ඡන්දය බලාගෙන දේශපාලනය කරන්නෙ නෑ
0 Jul 10, 2018 10.47am Art

තරින්දි අනුරුද්දිකා දක්ෂ,රූමත් රංගන ශිල්පිනියක්. මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය කෙරෙන දෝන කතිරිනා හී දෝන මාගරිටාගේ චරිතයෙන් අප හමුවට එන තරින්දි මෙවර රසඳුන තුන්වැනි පිටුවේ 'හිත පිරෙන හීන'ගැන කතා කරනවා. එහිදී අපි ඇයට ප්‍රශ්න 10ක් යොමු කළා. ඒවාට දුන් පිළිතුරුයි මේ.
ඉතින් කොහොමද තරින්දි...
හොඳින් ඉන්නවා.
මොනවද මේ දවස්වල කරන්නෙ..
පැහැසරා ටෙලිනාට්‍යය නම් ඉවරයි. ඉන් පස්සෙ අලුත් වැඩ දෙකක් භාර ගත්තා.
ඒ දෙරණ නාළිකාවෙන් විකාශය කෙරෙන ටිකිරි රත්නායකගේ දෝන කතිරිනාහි දෝන මාගරිටාගේ චරිතයත් සිරසෙන් විකාශය කෙරෙන සමන්කුමාර ලියනගේගෙ දන්කුඩ බණ්ඩා ටෙලිනාට්‍යය. ඒ වගේම සුදත් දේවප්‍රියගේ අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් කරගෙන යනවා.රඟපෑමට අමතරව සුම්බා ඉන්ස්ට්‍රක්ෂන් වරියක ලෙස වැඩකරනවා.
තරින්දි ලෑස්තියිද අපේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න..
උත්තර දෙන්නම්. හැබැයි අමාරුවේ දාන ප්‍රශ්නනම් අහන්න එපා.
රංගන ශිල්පිනියක් නොවුණානම්...
රංගන ශිල්පිනියක් නොවුණානම් වෘත්තීයයන් දෙකක් කරන්න ඉඩ තියෙනවා. එකක් බැංකු කළමනාකාරිණියක හෝ ව්‍යාපාරික කාන්තාවක් වෙයි. නර්ථනයට හැකියාවක් තිබෙන නිසා නර්ථන ශිල්පිනියක වෙන්නත් පුළුවන්.
ඒ කියන්නෙ ඔබ රංගනයට කැමැති නෑ කියන එකද...
අනේ නැහැ. රංගන ශිල්පිනියක වීම ගැන සතුටුයි. රංගනය නිසා මට ගොඩක් දේවල් ලැබුණා. රංගන ශිල්පිනියක වුණේ අහම්බෙන්. මා බැංකු නිලධාරිනියක ලෙස රැකියාව කළ කාලයේ අම්මා නැතිවුණා. අම්මාගේ මරණයෙන් පසුව රැකියාවෙන් ඉවත් වන්න සිදුවුණා. ඔය කාලයේදි තමයි රංගනයට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්නේ. මගේ අම්මා හරිම ආසාවෙන් සිටියේ මම රංගන ශිල්පිනියක වනවා දකින්න. ඇය මියගියත් ඇයගේ ආශිර්වාදය මට ලැබෙන්න ඇති.
තරින්දි දේශපාලනයට ගියානම් මොනවගේ චරිතයක් වෙයිද...
මම දේශපාලනයට ගියානම් මිනිස්සු ආදරය කරන චරිතයක් වෙයි.
කොහොමද එහෙම කියන්නේ...
මම කරන කිසිම දේකට නැවත ප්‍රති උපකාර බලාපොරොත්තු වෙන්නෙ නැහැ. එහෙත් ගොඩක් දේශපාලනඥයෝ දෙයක් කරන්නෙ ඡන්දය බලාගෙන. ඒ ක්‍රමයට මම කැමැති නෑ. මම දේශපාලනයට ගියානම් ජනතාවට සේවය කරන්නෙ ඡන්දය බලාගෙන නෙමෙයි.එතකොට ජනතාව මට ආදරය කරයි.
පළාතේ මහ ඇමැතිනිය වුණා නම්...
එහෙම වුණානම් ඒ සීමාව ඇතුළත කළ හැකි උපරිම දේ කරනවා.
ලංකාවේ ඉපදීම ගැන සතුටුයිද...
ලංකාවේ ඉපදිච්ච එක ගැන සතුටුයි. නමුත් ඉන්දියාවේ ඉපදුණානම් වඩාත් කැමැතියි.
ඉන්දියාවට ඇයි ඔය තරම් කැමැති...
මම දන්නෙ නැහැ ඒකට මොකක්ද තියෙන බැදීම කියල.පෙර සංසාරෙක ඉන්දියාව සමග මගේ ජීවිතේ මොකක් හෝ බැඳීමක් තියෙන්න ඇති. ඉන්දියාවෙත් කර්ණාටක ප්‍රාන්තයට තමයි වැඩිපුර කැමැති.
ඉන්දීය නළුවකුගෙන් යොජනාවක් ආවොත්...?
මම කැමැතියි ජෝන් එබ්රහම්,විවේක් ඔබ්රෝයි සහ රන්ධීර් කපුර්ට. ඔවුන්ගෙන් විවාහ යෝජනා නැතුව පාටි එකකට ආරාධනා ලැබුනොත් භාර ගන්නවා.
ඔබ වඩාත් කැමැති කුමන ආකාරයේ සිනමාපට බලන්නද...?
ඉන්දීය සිනමාවට වඩාත් කැමැතියි.ඒ වගේම ලාංකීය සිනමාවටත් කැමැතියි. මමත් පළමුව රඟපෑවේ සිනමා පටයක. එහෙත් රසිකයන් මාව දැක්කේ ටෙලි නාට්‍යයෙන්.හොඳ සිනමා පටයකට ආරාධනා ලැබුනොත් භාර ගන්නවා.
ඔබ අනුකරණය කරන චරිත තිබෙනවාද...?
විශේෂ චරිතයක් අනුකරණය කරන්නෙ නෑ. පෙනුමෙන් වෙනත් කෙනෙකු වගේ වෙන්නත් මම කැමැති නැහැ. අනුන්ගේ පෙනුමට වඩා මම කැමැති මටම අනන්‍ය වු පෙනුමක් තියෙනවට. මගේ අඩුපාඩුවක් දැක්කොත් මම හදා ගන්නවා.
තරන්දි පෙම්වතියක්ද...
දැනටනම් පෙම්වතියක් නෙමෙයි. නමුත් ඉදිරියේදි පෙම්වතියක් වෙයි.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )
පුවත්
-
එදා සිදුවීම තවම මතකයි
Feb 23, 2019 10.56am Views 0 Read More...මෝස්තර නිරූපිකාවක ලෙසින් කලාවට අවතීර්ණ වූ ඇය අද වන විට ටෙලි නාට්‍ය, චිත්‍රපට රංගන ශිල්පිනියක ලෙසත්
-
නිරෝෂා මවු පදවි ලබන්න සූදානමින්
නිරෝෂාගේ ජීවිතේ අලුත් වෙනසක් වෙන්න යනවා කියලා ආරංචියි...?
-
අරුණි ස්ථිර පදිංචියට ලංකාවට ඇවිත්
විවාහයෙන් පස්සේ විදේශගත වුණ ඔබ කාලයකට පස්සේ ලංකාවට ඇවිත්? -
ශිවන්යා සටනට බැහැලා
හඬ කැවීම් ශිල්පිනියක් වණු පූර්ණිමා දැන් රංගන ශිල්පිනියකුත් වෙලා? -
එදා සිදුවීම තවම මතකයි
මෝස්තර නිරූපිකාවක ලෙසින් කලාවට අවතීර්ණ වූ ඇය අද වන විට ටෙලි නාට්‍ය, චිත්‍රපට රංගන ශිල්පිනියක ලෙසත් -
එදා සිදුවීම තවම මතකයි
මෝස්තර නිරූපිකාවක ලෙසින් කලාවට අවතීර්ණ වූ ඇය අද වන විට ටෙලි නාට්‍ය, චිත්‍රපට රංගන ශිල්පිනියක ලෙසත් -
මට ලැබෙන හැම නිර්මාණයක්ම අභියෝගයක්
ඇත්තටම මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ 'රාවණ' ටෙලි නිර්මාණය නිසා. පුෂ්පෝත්කථාගේ චරිතයට තමයි