මේ අවුරුද්දේ මට සතුටක් ඉතිරි වෙලා තියෙනවා
0 Jun 06, 2018 10.04am Art

ඔබ මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය ලබා ගත්තා. සතුටින් ඇත්තේ?
ඔව්, සම්මානයක් ලැබෙනවා කියන එක ඉතින් සතුටක්. කවුරු හරි ඒකට අකැමැතියි කිව්වොත් ඒක බොරුවක් වෙනවා.
මොකද හිතෙන්නෙ මේ සම්මානය ගැන?
හොඳට රඟපෑවම සම්මාන ලැබෙනවා. ඒ වගේම හොඳ තරගකාරිත්වයකුත් තිබුණා. ඇත්තටම මේ අවුරුද්දට මට සතුටක් කියලා දෙයක් ඉතිරි වෙලා තියෙනවා.
රංගන ජීවිතය තුළ හොඳම නිළියට හිමි සම්මානය කියන්නෙ ගොඩක් වටින දෙයක් නේද?
ඔව්. මොකද එතැනින් එහාට තවත් සම්මානයක් නැහැනෙ.
ධර්ම යුද්ධය වෙනුවෙන් හොඳම නිළි සම්මානය ලැබෙයි කියන බලාපොරොත්තුව තියාගෙනද හිටියේ?
මෙහෙමයි, ලැබෙයිමයි කියලා හිතන් හිටියේ නැහැ. අනෙක් චිත්‍රපට මොන වගේ මට්ටමක තියෙනවාද කියලා දන්නෙ නැහැනේ. මොකද අපි ඒ ඔක්කොම බලලා නැහැනෙ.අනෙක ඒකේ තීරණය තියෙන්නේ ජූරිය අතේ. අවසාන මොහොත වෙනකම් අපි ඒ තීරණය දන්නෙ නැහැ.
ධර්ම යුද්ධයේ රාණි කියන චරිතය ඔබට අභියෝගයක් වුණාද?
අභියෝගයක් වෙන්නෙ ඒ චරිතය නුපුරුදු එකක් වුණා නම්. අම්මා කියන චරිතය මට නුපුරුදු එකක් නෙවෙයි. ඒ නිසා මවකගේ හැඟීම් කොතැනත් එකයි.
ඒ කියන්නෙ පුරුදු චරිතයක් නිසා අභියෝගයක් වුණේ නෑ කියන එකද?
පුරුදු නැති වුණත් රංගන ශිල්පිනියකට ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕන. අපි වැටුපක් ලබන්නෙ රඟපාන්නනෙ.
මේ නිර්මාණය භාෂා කිහිපයකින් නිර්මාණය වී තිබෙනවා. ඔබ මේ නිර්මාණයේ වැඩි වටිනාකම දෙන්නේ කාටද?
මම දන්නවා මේ චිත්‍රපටය කරපු හැම භාෂාවකින්ම අති සාර්ථක වුණා කියලා. විශේෂයෙන්ම මේකෙ කතා තේමාව සහ පිටපත් රචකයා තමයි ප්‍රබලම වෙන්නෙ. ඉතින් මම ඒකේ වැඩිම වටිනාකම දෙන්නේ පිටපතට.
හොඳම නිළියට හිමි සම්මානය ඔබට ලැබෙන්න බලපෑවේ ඔබේ රංගනය විතරමද? අනෙක් පිරිසගේ සහයෝගයත් ඔබට බලපෑවද?
අනිවාර්යයෙන්ම. මේක කණ්ඩායම් වැඩක් නිසා තනියම කරන්න අමාරුයි. කෑම බීම, ඉඳුම් හිටුම් දුන්න කෙනාගේ ඉඳන් හැම කෙනාගෙම සහයෝගය මේ සම්මානය ඇතුළේ තියෙනවා.
ඔබ නිර්මාණයක් තෝරා ගනිද්දි විශේෂයෙන් සැලකිලිමත් වෙන්නේ කුමක් ගැනද?
පිටපත තමයි මූලිකවම බලන්නෙ.
මේ කාලයේදී ඔබේ හැකියාව වෙනස් විදියට පෙන්වන්න පුළුවන් චරිත ලැබෙනවද?
එහෙම චරිත ලැබෙනකම් තමයි බලන් ඉන්නෙ.
මොනවද මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල "දෙයියන්ගේ රටේ" නාට්‍යයට දායක වෙනවා. ඊට අමතරව නිර්මාණ කිහිපයක් ගැන කතාබහ කරමින් තිබෙනවා. නමුත් තවම ඒවා ස්ථිර වෙලා නැහැ. රියැලිටි ෂෝවලටත් සම්බන්ධ වෙනවා.
(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)
පුවත්
-
අරුණි ස්ථිර පදිංචියට ලංකාවට ඇවිත්
Feb 20, 2019 11.07am Views 0 Read More...විවාහයෙන් පස්සේ විදේශගත වුණ ඔබ කාලයකට පස්සේ ලංකාවට ඇවිත්?
-
ශිවන්යා සටනට බැහැලා
හඬ කැවීම් ශිල්පිනියක් වණු පූර්ණිමා දැන් රංගන ශිල්පිනියකුත් වෙලා?
-
එදා සිදුවීම තවම මතකයි
මෝස්තර නිරූපිකාවක ලෙසින් කලාවට අවතීර්ණ වූ ඇය අද වන විට ටෙලි නාට්‍ය, චිත්‍රපට රංගන ශිල්පිනියක ලෙසත් -
එදා සිදුවීම තවම මතකයි
මෝස්තර නිරූපිකාවක ලෙසින් කලාවට අවතීර්ණ වූ ඇය අද වන විට ටෙලි නාට්‍ය, චිත්‍රපට රංගන ශිල්පිනියක ලෙසත් -
මට ලැබෙන හැම නිර්මාණයක්ම අභියෝගයක්
ඇත්තටම මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ 'රාවණ' ටෙලි නිර්මාණය නිසා. පුෂ්පෝත්කථාගේ චරිතයට තමයි -
තාල එක්ක සිනමාවට එකතු වූ කලණි
කලණි හා හා පුරා කියලා "තාල" එක්ක සිනමාවට ඇවිත්නේ. ඒ නිර්මාණයට එක් වෙන්න කලණිට පසුබිම -
සුපර් ස්ටාර් තරගයෙන් එළියට ආපු දර්ශන යුග දිවි අරඹලා
දර්ශනගේ ජීවිතයේ සුන්දර වෙනසක් වුණා කියලා ආරංචියි. කොහොමද ඉතින් අලුත් ජීවිතේ?