පුද්ගලයන් දෙදෙනෙක් ගිනිඅවිත් සමඟ අත්අඩංගුවට

0 Jun 05, 2018 02.24pm Art

ගිනි අවි දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු කහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය සඳහන් කරයි.

කහවත්ත පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී අටකලන්පන්න ප්‍රදේශයේ දී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වර ගිනිඅවියක් සහ ටී - 56 ජීව උණ්ඩ තුනක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

 සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න ‍කිරීම්වල දී අදාළ ගිනි අවිය ඔහු විසින් නිෂ්පාදනය කරන ලද්දක් බවට අනාවරණය වී තිබේ.

එමෙන්ම සැකකරු විසින් නිෂ්පාදනය කර අලෙවි කළ තවත් බෝර 12 පතරොම් ගිනි අවියක් ළඟ තබාගෙන සිටි අයෙකු කහවත්ත, කහවතුකන්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 29 හැවිරිදි සහ 35 හැවිරිදි පුද්ගලයින් වන අතර ඔවුන් අද (05) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post