යෞවනය මැදිවිය අතරේ චංචලා

0 May 15, 2018 11.19am Art

මේ දවස්වල චිත්‍රපට නිසාම කාර්ය බහුල රංගන ශිල්පිනියක් තමයි චංචලා වර්ණසූරිය. චංචලා ගැන ළඟක දී කිසිම තොරතුරක් දැන ගන්නට නොහැකි වූ නිසා අපි ඇයගේ නවතම තොරතුරු විමසා බලන්නට කටයුතු කළා.

එවිට තමයි ඇය චිත්‍රපට කිහිපයක් නිසාම කාර්යබහුල බව දැනගන්නට ලැබුණේ. 'මේ දවස්වල මම චිත්‍රපට කිහිපයක වගේම ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙනවා. ඒවායෙහි රූගත කිරීම් මේ දිනවල ලංකාවේ විවිධ ප්‍රදේශවල යෙදී තිබෙනවා. මසිත සමරනායකගේ' රජදහන' චිත්‍රපටයේ මම රඟපාන්නේ යෞවනයේ සිට සැදෑ සමය දක්වා දිවෙන චරිතයක්.

ඒ වගේම තවත් චරිතයක් මට අනෙක් චිත්‍රපටය වන 'ශ්‍රී වික්‍රම රාජසිංහ' හි ද ලැබී තිබෙනවා. එහි 'සුබ්‍රාම්මා'චරිතයත් විශේෂිත චරිතයක්. එහිත් තරුණ වියේ සිට මැදිවිය දක්වා දිවෙන චරිතයක් මම නිරූපණය කරනවා. ඒ වගේම ටෙලිනාට්‍ය නිර්මාණයකටත් මම දායක වෙනවා.

එය තරමක් දිගු ටෙලි වෘත්තාන්තයක්. අජානි පෙරේරාගේ වගේම චාමර පීරිස්ගේ නවතම ටෙලිනාට්‍යයටත් මම දායක වෙනවා. මේ සියලු නිර්මාණ ඔස්සේ ළඟදීම ප්‍රේක්ෂකයන හමුවට එන්නට මට හැකි වේවි.'

( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post