'ටාගට්' සමඟ දුලානි

0 May 14, 2018 01.57pm Art

අලුත් අවුරුද්දේ නිවාඩු පාඩුව ඉඳලා යළිත් වැඩ ඇරැඹූ තාරකාවක් තමයි දුලානි අනුරාධා. රංගනය නිසාත් ඉගැන්වීම නිසාත් කාර්යබහුල වුණු රුවැත්තියගේ නවතම තොරතුරුයි මේ.' පසුගිය මාසෙ පාසල් නිවාඩු කාලය නිසා තරමක් විවේකීවයි කාලය ගත වුණේ.

දැන් පාසල්වාරය යළිත් ආරම්භ වෙලා. එනිසා දැන් මගේ දැනුම යළිත් දූ දරුවන් වෙනු වෙන් ලබා දෙන්නට මම වෙහෙසෙනවා. පාසලේ බාහිර කටයුතු වෙනුවෙනුත් මගේ සේවය මම ලබා දෙනවා.ඒ වගේම අලුත්ම ටෙලි නාට­්‍යයකට දායක වුණා. ඒ ධම්මික තිසේරාගේ 'ටාගට්' ටෙලිනාට්‍යයට. එහි ප්‍රධාන චරිතයට මම දායක වෙනවා.

ටාගට් ටෙලි නාට්‍යයේ මම නිරූපණය කරන චරිතය කා අතරත් කතා බහට ලක්වේවි කියා මට හිතෙනවා. මොකද එයින් කතා කරන්නේ නර්තනයට දක්ෂ යුවතියක් තමාගේ ආර්ථිකය ගොඩනගා ගන්නට ගමේ සිට නගරයට ඇවිත් මුහුණපාන අත්දැකිමක්.

එවමුල් කොටගෙන ගොඩනැගෙන කුතුහලයෙන් යුතු කතාවක්.මා සමඟ මෙහි ජගත් මනුවර්ණ ගයාන් වික්‍රමතිලක, විනූ සිරිවර්ධන වැනි ප්‍රවීණ නළුනිළියන් රංගනයෙන් දායක වෙනවා.'

( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post