ගහපු මඩවලට ගයනිගෙන් උත්තර

0 Feb 22, 2018 09.31am Art

ගයනි මේ දවස්වල නිදහසේ ඉන්නවා වගේ?

මේ දවස්වල මම කරගෙන හිටපු වැඩ නවත්තගෙන යනවා. මම මගේ හිතේ සතුටට වැඩ කළේ. ඇත්තටම මේ වෙන දේවල් එක්ක දැන් කාලය හරි වැඩකටයුතු නවත්වලා මට මගේ දෙයක් කරගෙන ඉන්න. ඇත්තටම මම කලකිරීමෙන් ඉන්නේ.

ඔය කලකිරුණා කියන්නේ පසුගිය කාලය පුරා ගයනිට ගැහුව මඩ නිසාද?

මම මිනිසුන්ගේ ආදරය බලාගෙන වැඩ කළ කෙනෙක්. මම ගොඩක් සල්ලි හම්බ කරලා, යාන වාහන අරගෙන නැහැ. මම කළ වැඩවලදී මට බොහෝ දෙනෙක්ගේ ආදරය ලැබුණා. හැබැයි පිරිසක් එකතු වෙලා බොරු ප්‍රචාර යවලා මට මඩ ගැහුවා.

ගයනිට මඩ ගහන්නත් හේතුවක් ඇතිනේ?

මම 2013 යුරෝපයට සංචාරය කළේ ර්ඪඵඵ ඉපඪඹ්චදඬච ඪද ජ්පචදජඥහි විනිශ්චය මණ්ඩලයට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ මම තවත් එවැනි පැජන්ට්වලට සහභාගි වුණා.ඒවා සංවිධානය කළේ ලංකාවේ අය. සමහර වැඩ තිබ්බා කරන්නන්වාලේ කරපු වැඩ. මට ඕන වුණා කරන දෙයක් හරියට කරන්න. ඊට පස්සේ මම ඡ්මඥදබ කිහිපයක් සංවිධානය කළා. ඒඵඪචද ඡ්භපධනඥ ජ්චඵඩඪධද ඉඩධඹ එක මම කළා පැරිස් සහ ස්විට්සර්ලන්තයේ. අපේ රටේ අයගේ හැකියාව විදේශ රටවල අයට පෙන්වන්නයි මට ඕන වුණේ. එහි ප්‍රධාන සංවිධායකයා වුණේ රෙක්ස් ප්‍රනාන්දු. ඒ හරහා අපි නිරූපිකාවන්ට, මෝස්තර නිර්මාණ ශිල්පිනියන්ට, රූපලාවණ්‍ය ශිල්පීන්ට අවස්ථාවන් හදලා දුන්නා. මම හරි දේ කරන නිසා සමහරුන්ට ඒක ගැටලුවක් වුණා. ඒ නිසා ඔවුන් මං ගැන මඩ ප්‍රචාර යවනවා ඒ දේවල් කඩාකප්පල් කරන්න.

ගයනි ජාවාරම් කරනවා කියලා තමයි ඔය මඩ ප්‍රචාර ඇතුළේ කියන්නේ?

ඒ රටවලට මිනිස්සු ගෙනගිහින් ජාවාරම් කරන අය ඇති. මම ගිහින් ඒ රටවලට පැන්නා කියන්න බෑනේ. ඒ නිසා මිනිස්සුන්ව යුරෝපයට පන්නවලා ඒ අයගෙන් සල්ලි ගන්නවා කියලා තමයි මඩ ප්‍රචාර යවන්නේ. ඡ්මඥදබ මාර්ගයෙන් ඒ රටවලට මම මිනිස්සු ගෙනයනවා කියනවා. ඕවා තමයි මඩ ප්‍රචාර විධියට යවන්නේ.

නිරූපිකාවන් පිටරටවලට ගෙනගිහින් ජාවාරම් කරනවා කියලාත් කියනවනේ?

ඇයි මොඩ්ල්ස්ලා ගැන විතරක් කතා කරන්නේ්. මම ඩිසයිනර්ස්ලා, මොඩ්ල්ස්ලා, රූපලාවණ්‍ය ශිල්පීන්, ඡ්මඥදබ සංවිධානය කරන අයව ගෙනියනවා. මට අවශ්‍ය වුණේ ලංකාවේ අයගේ හැකියාවන් ජාත්‍යන්තරයට ගෙනියන්න.

අම්මාට තාත්තාටවත් මට වචනයක් කියන්න බැරි තත්ත්වයක මම ජීවත් වෙන්නේ. මම මට ආදරෙයි. මගේ නමට මම ආදරෙයි. ඒ වගේම ගෞරව කරනවා. මම මගේ පවුලේ අයට වගේම පෙම්වතාට වුණත් කියන්නේ කවදාහරි මම වැරැදි දෙයක් කළා කියලා පෙන්වන්න. එහෙම වුණොත් මම ෆීල්ඩ් එකෙන් අයින් වෙනවා කියලා. මම මඩවලට බය නෑ. ඒත් මම මඩවලට කැමැති නැහැ. මට මඩ ගාගෙන ඉස්සරහට යන්න ඕනේ නෑ.

එතකොට ගයනි කියන්නේ ඔයාව බාධවක් වෙන අය මේ මඩ ගහනවා කියලාද?

මාත් එක්ක හැප්පෙන්න ඕන මඩ ගහලා නොවෙයි. මම කියන්නේ මට වඩා හොඳ දෙයක් කරන්න කියලා. මට වඩා හොඳ දෙයක් කරනවා නම් බය වෙලා එම්බසිවලට ලියුම් යවලා මට මඩ ගහන්න ඕනේ නෑනේ. එයාලා මට වඩා ක්ෂේත්‍රයේ හොඳ දෙයක් කළොත් මට වඩා ඉස්සරහට එයි. එහෙම නැතිව මට මඩ ගහලා එයාලට ඉස්සරහට එන්න බෑ.

පසුගිය කාලේ මැලේසියාවට නිරූපිකාවන් එක්ක ගිහින් ගයනි වෙන වෙන ජාවාරම් කරනවා කියලත් ගොසිප් පළ වුණා?

මම ජාත්‍යන්තර මොඩ්ල් බෑන්ක් එකක් කරනවා. මැලේසියාවෙත් මම කළේ මගේ බිස්නස් එක. මැලේසියාවල ඉන්න හොඳම රූපලාවණ්‍ය ශිල්පියා තමයි මිස් මැලේසියා එකේ ප්‍රධාන රූපලාවණ්‍ය ශිල්පියා. ඔහු ඬඥදලධධඪ එයාට රූපලාවණ්‍ය කොලේජයක් තියෙනවා. එයත් එක්ක ගිවිසුමක් අස්සන් කරලා මම බිස්නස් එකක් පටන් ගත්තා. මම ලංකාවෙන් රූපලාවණ්‍ය ශිල්පිනියන්, නිරූපිකාවන් යවනවා. එතකොට මට ගාණක් හම්බ වෙනවා. මම යවන අයට ථචඬඥභන චදඤ ථධඤඥත පාඨමාලාවක් කරලා සහතිකයක් ලබා දෙනවා. ඒක තමයි අපි කළේ. ලංකාවේ ඉන්න අයට අවස්ථාවක් ලබා දෙන්න තමයි මම උත්සාහ කළේ. අපි කළේ කෙල්ලෝ විකුණන ජොබ් එකක් නොවෙයි. සමහරු මට මඩ ගැහුවේ මම නිරූපිකාවන් ගෙනිහින් වෙන දේවල් කරනවා කියලා.

ජනප්‍රියම නිරූපිකාවන්ගේ නම් තමයි ඔය මඩවලට ගෑවුණෙත්?

ජනප්‍රිය අය එක්ක විතරයි මම වැඩ කරන්නේ. මම ඛ්ඥතඥඡපඪබර මේකප් ආර්ටිස් කෙනෙක්. මෝස්තර නිර්මාණ ශිල්පිනියක්. ජනප්‍රිය අය එක්ක වැඩ කරන මට්ටම මම දැන් හදාගෙන ඉවරයි. ලංකාවේ අයටවත් දෙන්න බැරි අවස්ථා මම ඒ අයට පිටරට ගෙනිහින් දෙන්න හදද්දී මේ මඩ ගහලා මම වගේ වැඩක් කරන අය පසු බස්සවන්න හදනවා. මම අවුරුදු හතක් මේ ගමන ආවා. මට හිතුණේ නැහැ මේ වගේ මට මඩ ගහයි කියලා.

සමහරුන්ට හිතෙන්න පුළුවන් ගයනි බයට මඟ නතර වෙන්න හදනවා කියලා?

මම බය වුණා නම් මේ වගේ දේවල් එළිපිට කතා කරන්නේ නැහැ. මම මෙච්චර කාලයක් කළේ අනුන්ට උදවු කරන එක. දැන් මගේ දක්ෂතාවයෙන් මට දෙයක් කර ගන්න තමයි මම උත්සාහ කරන්නේ.

ගයනිට තමන් නිවරැදියි කියලා ඔප්පු කරන්න පුළුවන්ද ඕන වෙලාවක?

ඔව්. මම බය නැහැ. මගේ ටචජඥඡධධඬ එක හැමෝටම විවෘත දෙයක්. මම කරන හැමදේම ටචජඥඡධධඬ දානවා. මම කරපු වැරැදි දෙයක් ගැන දශමයක හරි සාක්ෂියක් තියෙනවා නම් මගේ ෆේස්බුක් ගිණුමේ හරි කොහේ හරි දාන්න පුළුවන්. අරයා කිව්වා මෙයා කිව්වා කියන්නේ නැතුව හරි සාක්ෂි ඇතිව එහෙනම් කතා කරන්න ඕන. මම ඔය කියන වැරැදි දේවල් කරලා තියෙනවා නම් එළිපිට කතා කරන්න පුළුවන්. සමහරු එම්බසිවලටත් ලියුම් යවලා තියෙනවා මම වැරැදි දේවල් කරනවා කියලා. ඒ මාව ඒ රටවලට යන එක වළක්වන්න.

සමහරු මගෙන් අහනවා කන බොන එකේ ඉ¼දන් ඉන්නේ කා එක්කද කියලත් ෆොටෝ ෆේස්බුක් දාන්නේ ඇයි කියලා. මම ෆොටෝ දාන්නේ මට හංගන්න දෙයක් නෑ. සමහර ශිල්පීන් එක එක රටවල ගිහින් ෆොටෝ දානවා. හැබැයි ෆොටෝ එක ගන්න කෙනාවත් පෙන්නන්නේ නෑ. ඒ වගේ අයට මඩ ගහන්නේ නෑ. හැමදේම එළිපිට කරන මට මෙහෙම මඩ ගහන්නේ ඇයි? මම ගෙනිච්ච නිරූපිකාවන්ගේ ෆොටෝ දැම්මේ නැත්නම් ඒ අය ගෙනිච්චා කියලාවත් කවුරුවත් දන්නවාද? මම හැමදේම එළිපිට කියද්දී තමයි මට මඩ ගහන්නේ.

නිවැරැදි නම් ගහන මඩවලට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්නේ?

මම ඒකටත් නීතියෙන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මොකද මම මඩ ගාගෙන ඉස්සරහට යන කෙනෙක් නොවෙයි. මම ජාත්‍යන්තරව වැඩ කරන කෙනෙක්. මේ වගේ මඩ ගහද්දී මට හිතෙන්නේ ඇයි ලංකාවේ මිනිස්සු මෙච්චර කුහක කියලා. මම අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

මඩ ගාගෙන හරි ඉස්සරහට ගියොත් නරකද?

මගේ දක්ෂතා පෙන්නලා මිනිසුන්ගේ ආදරයටයි මම මේ දේවල් කරන්නේ. මඩ ගාගෙන ප්‍රසිද්ධ වෙන්න කැමැති අය ඇති. මට මඩ අවශ්‍ය නැහැ. මඩ ගාගෙන ප්‍රසිද්ධ වෙන්න මට ඕනෙත් නැහැ. මම ආදරය කරන්නේ මිනිස්සුන්ගේ හොඳ ප්‍රතිචාරවලට. එහෙම නැතිව සල්ලිවලට නොවෙයි. මඩ ගාගෙන ඉස්සරහට යන්න මට ඕනේ නැහැ.

ගයනි බැට්ස් මඟ නතර වුණොත් ගයනිව නවත්වන්න ඕන අය දිනයිනේ?

මම කවදාවත් කා එක්කවත් තරගයට වැඩ කරපු කෙනෙක් නොවෙයි. මට තරගය තිබ්බේ මං එක්ක. මට ඒ අය දින්නත් එකයි. පැරදුණත් එකයි. මම දැන් මගේ ගමන යනවා. මගේ ගමන මෙච්චර කල් පසු බැහැලා තිබ්බා. මට ඕන වුණේ මගේ රටට දෙයක් කරන්න. දැන් මම මට දෙයක් කරගන්න ඕන කියලා හිතුවා. මම මෙච්චර කල් කළ දෙයින් මිනිසුන්ගේ ආදරය ලැබුණා. දෙන්නෙක්, තුන්දෙනෙක් කරන දේවල් ගැන කලකිරීමක් තියෙන්නේ. හැබැයි මට මේ එක දෙයක්වත් නැති වුණා කියලා කන්න, බොන්න නැති වෙන්නෙ නැහැ.

මඩ ගාගෙන ප්‍රසිද්ධ වෙන්න ඕනේ නැහැ. ඊට වඩා හොඳයි මම මගේ ගමන යනවා. ආයේ මගේ දේවල් නැති කර ගන්නේ නැහැ.

ලංකාවෙන් යන්නම යනවද?

කලකිරීමත් එක්ක දැනට එහෙම අදහසක් තියෙනවා.
(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post