මැලේසියා ගිහින් රුවන් කරපු දේවල් එළියට

0 Feb 16, 2018 09.36am Art

රුවන්ට දැනුණු මොකක්ද මේ නාරි හැඟුම්?

නාරි හැඟුම් මගේ අලුත් ගීතය. ථභඵඪජ කළේ කසුන් පොල්ගම්පල, පද රචනය කළේ රොෂාන් සමරවික්‍රම, වීඩියෝ එක කළේ රූප ප්‍රඩක්ෂන් එකේ චමිල් පතිරණ.

මේ වීඩියෝවේ ලංකාවෙන් පිටත දර්ශන තල තියෙන්නේ. ඒකත් විශේෂයි නේද?

ඔව්, මේක අපි කළේ මැලේසියාවේ ක්වාලාලම්පූර් සහ තව පොඩි දූපත් කිහිපයක. ඒ දූපත්වලට ගිහින් දවස් දෙකක් ඉඩධධබ කළා. අපි ලංකාවෙන් හය දෙනෙක් විතර ගියා. එහෙනුත් හතර දෙනෙක් විතර සහභාගි වුණා මේ වැඩේට.

මේ වීඩියෝව කරන්න ලංකාවේ දර්ශන තල තිබ්බේ නැද්ද?

මෙහෙමයි, මේ සින්දුවේ ස්ටයිල් එක ටිකක් වෙනස්. ලොකේෂන් නැතුවම නෙවෙයි. නමුත් අපිට ගැළපෙන ලොකේෂන් හම්බ වුණේ හරිම අඩුවෙන්. අනික ඒ හම්බවුණු තැනටත් ගොඩක් දුරයි. එහෙම බැලුවම රට ගියත්, මෙහෙ කළත් වියදම් වෙන ප්‍රමාණය එක සමානයි. ඒකයි අපි ලංකාවෙන් පිටට ගිහින් වීඩියෝව කළේ.

මැලේසියාවම තෝර ගත්තේ විශේෂ හේතුවක් නිසාද?

කලින් අපි මාලදිවයින තෝර ගත්තේ. ඒත් එහෙ ගණන් වැඩියි. අන්තිමේදී අපි මැලේසියාවම තෝර ගත්තා.

මේ රූප රචනාවේ ඉන්නෙත් ෂෙරිල්මයි. රුවන්ගේ වීඩියෝවල ෂෙරිල් වැඩිපුර ඉන්නවා නේද?

එයා ඉන්නම ඕන කියලා එකක් තිබ්බේ නැහැ. ඒත් එයා මේ සින්දුවට ගොඩක් කැමතියි. මාත් හුඟක් කැමතියි මේ ගීතයට. මොකද මේක වෙනස් හැඩයක ගීතයක්.

රුවන් නිර්මාණයක් කරන්න කොච්චර කල් ගන්නවද?

අන්තිමටම කරපු ගීතය හොඳට හැමෝම අහනවා නම්, හොඳ ප්‍රතිචාර තියෙනවා නම් තවත් අලුත් ගීතයක් කරලා අන්තිමටම කරපු ගීතය වහලා දාන්න අවශ්‍ය නැහැ. ඉතිං එක ගීතයකට ගන්න පුළුවන් උපරිම වාසිය අරගෙන තමයි තව ගීතයක් ප්‍රේක්‍ෂකයන්ට දෙන්නෙ.

රුවන් කරපු ගීතවලින් අසාර්ථක වුණු ගීතත් තියෙනවා නේද?

ඔව් එකක්, දෙකක් විතර අසාර්ථක වුණා. මම හිතන්නේ හැමෝම වැලඳගත්තේ නැති නිසයි එහෙම වුණේ. සමහර ගීතවලට පිරිසක් කැමැතියි පිරිසක් අකැමැතියි. ඉතිං ඒත් එක්ක ගීත සාර්ථක වීම හෝ අසාර්ථක වීමක් වෙන්න පුළුවන්.

ගීතයක් වැලඳ ගනිද්දි රසිකයන්ට ගායකයාගේ හොඳ නොහොඳ බලපානවාද?

මෙහෙමයි ප්‍රේක්‍ෂකයන් හරිම බුද්ධිමත්. එයාලා හැම පැත්තකින්ම බලනවා. සංගීත දැනුම නැති වුණත් ගීතය රසවිඳින්න පුළුවන්ද කියලා බලනවා. ගොඩක් වෙලාවට ඔවුන් බලන්නෙ ගායක ගායිකාවන් නිහතමානීද කියලා. ගොඩක් අය මටත් කියනවා මම හුඟක් නිහතමානීයි කියලා.

ප්‍රසංග වේදිකාවේ වැඩ කටයුතු කොහොමද?

සංගීත ප්‍රසංග තියෙනවා. විදේශ රටවල ප්‍රසංගවලටත් සම්බන්ධ වෙනවා. ඉස්සරහට අප්‍රේල් මාසය එන නිසා ගොඩක් වැඩ තියෙයි. ඒවට ලෑස්ති වෙලා ඉන්නවා.

සිනමා පසුබිම් ගායනයට ඔබ දායක වුණේ "මතකද හැන්දෑවේ" ගීතයෙන් පමණයි. ඇයි සිනමා පසුබිම් ගායනයට සම්බන්ධ නොවෙන්නේ?

මට සෑහෙන්න අවස්ථා ලැබෙනවා. ඒත් ඒවයින් ලැබෙන ආදායම අඩුයි. තනියෙන් ගීතයක් කරලා ඊට වඩා මුදලක් උපයන්න පුළුවන්. මම සාධාරණ මිලක් තමයි ඉල්ලන්නෙ. ඒත් ඉතිං පස්සෙ මට ඒ වැඩේ ලැබෙන්නේ නැහැ. එයාලා බලන්නෙ අඩුම මිලකට කර ගන්න. එහෙම කරලා ඒවා ජනප්‍රිය වෙන්නෙත් නැහැ. චිත්‍රපටය තුළත් සංගීතමය වටිනාකමක් තියෙන්න ඕන.

රුවන්ගෙයි ෂෙරිල්ගෙයි කැදැල්ලේ තොරතුරු කොහොමද?

මමයි ශෙරිලුයි හුඟක් සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන ගොඩක් සතුටින් ඉන්නවා.

(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post