ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ විශ්මයට පත් කළ උපහාරය...

0 Dec 29, 2017 10.02am Art

ශ්‍රී ලංකා ටෙලිකොම් PEO TV සංවිධානය කළ ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ සූරීන් ඇගැයීම වෙනුවෙන් එතුමන් පදනම් කර ගත් සිනමාත්මක සංකථනය පසුගියදා (21 වනදා) ජාතික චිත්‍රපට සංස්‌ථා තරංගනී සිනමා ශාලාවේදී මහත් හරසරින් යුක්‌තව පවත්වන්නට යෙදුණි.
 
 සජීවී රූපවාහිනී තාක්‌ෂණය යොදා ගනිමින් වෙනස්‌ම අයුරකින් පැවැති මෙම ඉසව්ව ස`දහා 99 වැනි වියේ පසුවන ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතා සිය නිවසේ සිට රූපවාහිනිය සජීවීව සම්බන්ධ කර ගත් අතර, එය හෙළ සිනමාවට පුරෝගාමී වූ එතුමන් විශ්මයට පත් කරමින් ඔහු වෙනුවෙන් පුද කළ ඉහළම ගෞරවයක්‌ බවට පත් විය. තරංගනී සිනමා ශාලාවේ සිට ක්‌ෂේත්‍රයේ පසු පරපුර සහ සිනමා රසිකයන් ගෞරව දැක්‌ වූ මොහොත නිවසේ සිට ආචාර්ය ලෙස්‌ටර් විඳගත්තේ ඉමහත් සතුටින් බව සුමිත්‍රා පීරිස්‌ පැවසුවා ය. උළෙල අවසන් වීමෙන් අනතුරුව SLT PEO TV කණ්‌ඩායම එතුමන්ගේ නිවසට ගොස්‌ සුවදුක්‌ විමසා ඔහුගේ අමිල මෙහෙවර අගයමින් කෘතගුණ දැක්‌වීම ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ යුවළගේ ගෞරව ප්‍රශංසාවට ලක්‌ විය.

lester2
 
 හෙළ සිනමාවේ අග්‍රගණ්‍ය චරිතයේ විශිෂ්ටත්වය වර්තමාන පරපුර වෙත සන්නිවේදනය කිරීම අරමුණු කර ගත් මෙම ඉසව්වේදී අජිත් ගලප්පත්ති ලෙස්‌ටර් 50 දශකයේ සිදු කළ විප්ලවය ගැන අදහස්‌ දැක්‌ වූ අතර ආචාර්ය සෝමරත්න දිසානායක ඔහු ඉංග්‍රීසි කථා කළද හදවතින් ගැමියෙකු බව පැවැසීය. මෙහිදී සභාව ඇමැතූ දීප්ති කුමාර ගුණරත්න දෙවන ලෝක යුද්ධයට පසු බිහි වූ නිශාචර සිනමාව සම`ග ලෙස්‌ටර් සිනමාව ගැලපෙන අයුරු පැහැදිලි කර දුන්නේ ය. 
 
 ශ්‍රී ලාංකේය රූපවාහිනී නැරඹුම් කලාව වෙනස්‌ කළ SLT PEO TV සම`ග මුල් අවධියේ සිටම අත්වැල් බැ`ද ගනිමින් දේශීය සිනමාවPEO TV පාරිභෝගිකයන්ගේ රස වින්දනයට ළ`ගා කර දීම උදෙසා එදා සිට මේ දක්‌වා ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මැතිතුමා විසින් දැක්‌ වූ ඉමහත් දායකත්වය මේ අවස්‌ථාවේදී මහත් ප්‍රශංසාවට ලක්‌ විය. හෙළ සිනමාවට සිදු කළ සේවය මෙසේ ඇගැයීමට ලක්‌ කිරීම සහ ඒ වෙනුවෙන් එතුමාට කෘතවේදීත්වය පළ කිරීමට ලැබීම ජාතික මෙහෙවරක්‌ ඉටු කිරීමක්‌ සේ සලකන බව මෙම අවස්‌ථාවට එක්‌ වූ ටෙලිකොම් සමූහ ප්‍රධාන අලෙවි නිළධාරී  PEO TV ප්‍රධාන විධායක නිළධාරී අජන්ත සෙනෙවිරත්න මහතා පැවැසීය.
 
 මෙම වැඩසටහන PEO TV හි Channel 365 සහ Event TV නාලිකා අංක 20 (CH 20) ඔස්‌සේ මෙන්ම ෙµaස්‌බුක්‌ ඔස්‌සේ ද සජීවීව විකාශය කෙරිණි. 

( උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post