කාර්යබහුල බවත් සතුටක්

0 Sep 09, 2017 10.22am Art

චන්දික නානායක්කාර මේ දවස්වල කලා ලෝකයේ සිටින කාර්යබහුලම නළුවා කිව්වොත් හරියටම හරි. දකින දකින ටෙලි නාට්‍යයේ ඔහු විවිධ චරිත නිරූපණය කරන අන්දම මේ දවස්වල දක්නට ලැබෙන සුලබ දසුනක්. නිතර දෙවේලේ නෙතු ගැටෙන නිසාම චන්දිකගේ නවතම තොරතුරු සොයා බලන්නට අපි කටයුතු කළා.'මේ දවස්වල රාත්‍රී හතට පටන් ගත්තම නවය හමාර දහය වනතුරුම එක දිගට මම රඟපාපු ටෙලි නාට්‍ය විකාශය වෙනවා. ඒ අතර මේ දවස්වල 'ජීවිතය තව දුරයි ' ටෙලි නාට්‍යයේ වෙනස්ම ආකාරයක චරිතයකට මම දායක වෙනවා. එය සටකපට චරිතයක්.මේ චරිතයට ප්‍රේක්ෂක ප්‍රතිචාර නොඅඩුව ලැබෙනවා. තමන්ට වාසිදායක වන ඕනම දෙයක් කරන්න පසුබට නොවන චරිතයක්. ඒ වගේම මම චිත්‍රපට කිහිපයකටත් මගේ රංගන දායකත්වය ලබා දෙනවා. ඒ අතර මම සී.පී. ද සිල්වා ලෙස රඟන චිත්‍රපටයේ රූගත කිරීම් නැවත අරඹන්නට නියමිතයි.

ඒ වෙනුවෙන් පොලොන්නරු යන්නත් මේ දිනවල සැලැසුම් කර තිබෙනවා.කොහොම වුණත් ප්‍රේක්ෂකයාට නිර්මාණශීලී අලුත් දෙයක් රඟපෑමෙන් දෙන්නට හැකි වීම නිසාම කොතරම් කාර්යබහුල වුණත් එය ලොකු සතුටක් බව සිතෙනවා.'


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post