පූජනීයයි ආදරේ අරගෙන රොෂාන් නෙළුම් පොකුණට එයි

0 Aug 20, 2017 10.09am Art

ගායන දිවියට වසර පහළොවයි
මහ ගේ දාලා යන්නේ නැහැ

රොෂාන් පූජනීයයි ආදරේ තිළිණ කරන්න හදන්නේ කාටද?

ඇත්තටම රොෂාන් ප්‍රනාන්දුගේ ගායන දිවියට වසර පහළොවයි. වසර පහළොව පුරාවට මගේ ගීත රාශියක්‌ රසිකයෝ ජනප්‍රිය කරලා තියෙනවා. ඉතිං ඒ රසිකයන්ගේ දැඩි ඉල්ලීමක්‌ තිබුණා මේ ජනප්‍රිය වුණ සින්දු එක මිටකට අරගෙන එක තැනකදී අහන්න සලස්‌වන්න කියලා.

ඒ ඉල්ලීමද මේ ඉෂ්ට කරන්නේ ?

ඔව්. ඒ ඉල්ලීමේ ප්‍රතිඵලයක්‌ තමයි පූජනීයයි ආදරේ ලයිව් ඉන් කොන්සර්ට්‌ එක මේ මාසයේ 27 වැනිදා නෙළුම් පොකුණේ තියෙන්නේ.

ඇයි මේ වගේ ප්‍රසංගයක්‌ පවත්වන්න හිතුණේ ?

මම බොහොම පොඩි තැනකින් ආපු කෙනෙක්‌. මාව මේ තැනට ගෙන ආවේ රසිකයෝ. ඔවුන්ට පෙරළා ගෞරවයක්‌ කිරීමට තමයි මේ ප්‍රසංගය ඉතාමත් දැවැන්ත සුපිsරි ප්‍රසංගයක්‌ විදිහට ඔවුන්ට තිළිණ කරන්න යන්නේ.

හැමෝම ලයිව් ඉන් කොන්සර්ට්‌ කරන කාලේ. රොෂානුත් මේ කළේ කොපි කිරීමක්‌ද?

නැහැ. මොකද ප්‍රසංග වේදිකාව තමයි මට හුරු තැන. පුරුදු තැන. මම වැඩකරන තැන. නමුත් ඒ ප්‍රසංග වේදිකාව තුළ ගායනා කරන ගීත සහ ඒ ප්‍රසංග ශෛලියට කැමැති පිරිසක්‌ ඉන්නවා. නමුත් රොෂාන් ප්‍රනාන්දුගේ ඊට හාත්පසින්ම වෙනස්‌ ගීත රැසක්‌ රසිකයෝ ජනප්‍රිය කරලා තියෙනවා. සංගීත ප්‍රසංගවලට එන්නේ නැති ඒවාට ආසා කරන රසිකයෝ පිරිසක්‌ ඉන්නවා. ඔවුන්ගේ දැඩි ඉල්ලීම වුණේ අපිට මේ ගීත ඕනෑ කියන කාරණාව. එහි ප්‍රතිඵලයක්‌ තමයි පූජනීයයි ආදරේ ලයිව් ඉන් කොන්සර්ට්‌ එක.

පූජනීයයි ආදරේ කියලා මේ ප්‍රසංගයට නම තිබ්බේ ඇයි ?

මගේ පළමුවැනි සීඩි එක පූජනීයයි ආදරේ. ඉතිං ඒ සීඩී එකේ තිබුණ සියලුම ගීත බොහොම ආදරය පිරුණු ගීත. ඒකත් එක්‌ක මට හිතුණා ඒ නම සීඩී එකට දැම්මොත් හොඳයි කියලා.

එදාට පූජනීයයි ආදරේ සීඩී එකේ තිබුණ ගීත සියල්ලම අහන්න පුළුවන්වේවිද?

ගොඩක්‌ දුරට. එහි ජනප්‍රිය වුණ ගීත සියල්ලම වගේ අහන්න පුළුවන් වේවි.

මෑත කාලයේ කියපු ගීත සියල්ලටම වඩා පූජනීයයි ආදරේ ගීත සියල්ල අදටත් හිට්‌ කියලානේ කියන්නේ ?

මගේ කටහඬ ගොඩක්‌ වෙලාවට ගැලපෙනවා කියලා මතය තියෙන්නේ ආදර ගීතවලට. ආදර ගීත තමයි මම වැඩිපුර ගායනා කරලා තියෙන්නේ. ගොඩක්‌ වෙලාවට ආදර ගීතයක්‌ වාඩිවෙලා නිsවීහැනහිල්ලේ හරි කූල්එකේ අහනකොට තමයි ඇඟට දැනෙන්නේ. අන්න ඒ අවස්‌ථාව තමයි අපි මේ දෙන්න හදන්නේ.

මේ ප්‍රසංගයේ සංගීතය සපයන්නේ ෆ්ලෑෂ්බෑක්‌ සංගීත කණ්‌ඩායමද?

මෙහෙමයි. මේ ප්‍රසංගයේ ප්‍රධාන සංගීත කණ්‌ඩායම හැටියට ෆ්ලෑෂ්බෑක්‌ සංගීත කණ්‌ඩායම ඉන්නවා. ඒ වගේම ඔකෙස්‌ට්‍රා සංගීත කණ්‌ඩායමක්‌ ඉන්නවා. ඒ දෙකම එකතුවෙලා පුහුණුවීම් කරලා එකොස්‌ටික්‌ සංගීතයත් එක්‌ක වෙනස්‌ම ආකාරයක රසයක්‌ තමයි රසිකයාට දෙන්න හදන්නේ. මම හිතන්නේ සංකලනය ගොඩක්‌ වෙනස්‌ වේවි.

මේකත් රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ්බෑක්‌ සංගීත කණ්‌ඩායමේ තවත් සංගීතයක්‌මද?

නැහැ. මේක ජීවිත කාලයේ කරන මගේ පළමු ඒක පුද්ගල සංගීත ප්‍රසංගය. එතකොට ඒක මම රසිකයන්ට බොහොම ආදරයෙන් තිළිණ කරන්නේ. නර්තනයෙන් චන්න විඡේවර්ධන සහ තවත් කණ්‌ඩායමක්‌ සම්බන්ධවෙන්න. මේක දැවැන්ත ප්‍රසංගයක්‌.

පූජනීයයි ආදරේ කොන්සර්ට්‌ එක රටවටා ගෙනියන්නද සූදානම?

දැනට මගෙන් ඉල්ලීමක්‌ කළා ලංකාවේ ඉන්න කිහිපදෙනක්‌ සහ ඔස්‌ටේ්‍රලියාවේ සිටින පිරිසක්‌. නමුත් දැනට මගේ එහෙම බලාපොරොත්තුවක්‌ නැහැ. මේක කරලා ඉවරවුණහම තමයි එහි සම්පූර්ණ අත්දැකීම ලබාගන්නේ. ඒක නිසා වැඩක්‌ කරනකොට මගේ පුරුද්දක්‌ තියෙනවා ඒක හරියට කරනවා. මේක කරලා ඉවරවුණාට පසුව තමයි ඒක දෙන්න පුළුවන්ද නැතිද කියලා තීරණය කරන්නේ.

රොෂාන් ෆ්ලෑෂ්බෑක්‌ කණ්‌ඩායමෙන් ඉවත්වෙලා අලුත් පිටුවක්‌ පෙරළන්නද මේ හදන්නේ ?

එදත් අදත් ෆ්ලෑෂ්බෑක්‌. මොකද රොෂාන් ප්‍රනාන්දු කියන ගායකයාව මිනිස්‌සු දැනගත්තේ ප්ලෑෂ්බෑක්‌ සංගීත කණ්‌ඩායම හරහායි. ඒ හින්දා මහගේ දාලා යන්නේ නැහැ. කොහොමත් ෆ්ලෑෂ්බෑක්‌ සංගීත කණ්‌ඩායමේ ගායකයා වගේම නායකයා. හේතුව මට යන්න තිබුණ හොඳම අවස්‌ථාව තමයි 2013 අවුරුද්දේ ඔයා නිසා හඬලා ගීතයට පීපල්ස්‌ එවෝර්ඩ් ජනතා සම්මානය හමුවුණ වෙලාවේ. ඒ වෙලාවේ මට ප්‍රසංගවලට ආරාධනා ලැබුණා හිතාගන්න බැරිවිදිහට. නමුත් සංගීත කණ්‌ඩායම දාලා ගියේ නැහැ. සංගීත කණ්‌ඩායම එක්‌කයි හිටියේ. මගේ හරිම නිදහස්‌ මගේ සංගීත කණ්‌ඩායම එක්‌ක වැඩකරන්න. මට සල්ලි හෙවීමේ පෙරේතකමක්‌ පිපාසයක්‌ නැහැ. මොනවා හරි අලුත් දෙයක්‌ කිරීමේ පිපාසයක්‌ තමයි තියෙන්නේ.

ඔය කියන විදිහටම සාමාන්‍ය සංගීතයකට එහාට ගිය දෙයක්‌ මේ කොන්සර්ට්‌ එකේ තියේවිද?

අපොයි ඔව්.මේක සිද්ධවෙන්නේ රංග ශාලාවක්‌ ඇතුළේ.මගේ මුල ආරම්භයේ විස්‌තර. මම කරපු සංචාර. මගේ මිත්‍රයන්ගේ දුර්ලභ ඡායාරූප. ඒ වගේම නර්තනය. ගීතය නිර්මාණය වෙන්න පාදක කරගත්තු කතාවස්‌තු. මේක ගලාගෙන යන ආකාරය. සංගීතය සපයන ආකාරය. සියලුම දේ වෙනස්‌. එදාට ඇවිල්ලාම තමයි ඒක බලාගන්න වේවි. දැන්ම මීට වඩා වැඩි විස්‌තර කියන්න බැහැ. එතකොට මේකේ අගයක්‌ නැහැ.


(දිවයින පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post