අධ්‍යක්ෂවරයාගේ අපූරු රියැදුරා

0 Aug 19, 2017 09.24am Art

සාමාන්‍යයෙන් කලාකරුවන් එක් වූ විට එතැන සොඳුරු රස සාගරයක් බවට පත්වෙනවා. මේ අතරතුර විවිධ අය මුහණ පෑ විවිධ සිදුවීම් ,රසකතා කරලියට එන්න ගත වෙන්නේ ඉතා සුළු කාලයක්. එලෙස පසුගිය දවසක මේ ආකාරයේ හමුවක දී ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් මුහුණ දුන්නු අපූරු සිදුවීමක් අපිටත් දැන ගන්නට ලැබුණා. ඒ තමයි උදයකාන්ත වර්ණසූරිය.

ඔහු සිංහල සිනමාවේ සිටින ප්‍රවීණතම සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්.කතාවෙ හැටියට නම් උදයකාන්ත ඔහුගේ ගම් පළාත වෙන බද්දේගම පැත්තෙන් ආධුනික තරුණයෙක් තමන්ගේ රියැදුරා වශයෙන් බදවාගෙන තිබෙනවා.

චිත්‍රපටයක දෙබස් කැවීමට දළුගම සරසවි චිත්‍රාගාරයට උදයකාන්ත මේ තරුණයත් එක්ක වාහනයේ ගිහින් ඒ කටයුතු නිම කරලා නිවෙසට එන්න පිටත් වන විට උදයකාන්තට හොඳටම නිදිමතයි. ඉතින් නින්දෙන් වගේ ‍රියැදුරු තරුණයාට ඔතනින් වමට හරවන්න.

ඉන්පස්සේ දකුණට හරවන්න කියමින් අඩ නින්දේ විධි විධාන දෙමින් උදයකාන්තත් ඉදිරි අසුනේ සිට නින්දට වැටිලා. කොහොම හරි ඉතින් සෑහෙන දුරක් වාහනේ යනකොට උදයකාන්තට වාද්දුව හරියෙදි ඇහැරිලා. නුගේගොඩ නිවෙසට යන්න පිටත් වුණු ඔහුට තරු පෙනුණාලු. රියැදුරාගෙන් අහලාඇයි මේ කොහෙද මේ යන්නෙ කියලා. එවිට රිය­ැදුරාගෙන් අපූරු උත්තරයක් උදයකාන්තට ලැබිලා.

'ඇයි සර්! සර්මනෙ මම හරවන්න ඕන තැන් අහද්දී කිව්වේ වමට හරවන්න දකුණට හරවන්න කියලා. ඉතින් සර් කියන හැටියට මම හිතුවේ සර් ගමේ (බද්දේගම) යනවා කියලයි. මොනව කරන්නද නින්දයාමේ ප්‍රතිපලනෙ කියලා උදයකාන්ත හතහදාගෙන නැවතත් වාහනේ හරවගෙන නුගේගොඩ එන්න පිටත් වුණාලු.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post