දෙවැනි ඉනිම ඇරඹු - ෂනුද්‍රි

0 May 08, 2017 09.17am Art

උසස්‌ අධ්‍යාපනයට මුල්තැන දුන්නා

ජනප්‍රියත්වය ඇයට අරුමයක්‌ නොවුනේ ෂනුද්‍රිගෙ තාත්ත ජනප්‍රිය සිනමාකරුවෙක්‌ වූ නිසයි. දිනේෂ් ප්‍රියසාද්ගෙ හැඩකාර දූවරු තිදෙනා ලෙස රටේ කවුරුත් දැන සිටි මේ ගැහැනු ළමෝ දැන් දැන් තමන්ගේ දක්‌ෂතා සමග කරළියට ඇවිත්. ප්‍රියසාද් පවුලේ බඩපිස්‌සි ෂනුද්‍රි ප්‍රියසාද් මේ දිනවල තමන්ගේ පළමු ටෙලිනාට්‍ය රංගනයෙන් හැමෝම කතාබහට ලක්‌වෙන චරිතයක්‌ බවට පත් වන්නේ ඉතාම කෙටි කලකින්.

දෙවෙනි ඉනිම ෂනුද්‍රිගේ පළමු රංගනයද?

නැහැ පුංචි කාලෙ රඟපාලා තියෙනව. ඒත් තරුණ වයසට ආවට පසුව මම සම්බන්ධවෙන පළවෙනි නිර්මාණය තමයි දෙවෙනි ඉනිම.

සමල්කාගෙ චරිතය ෂනුද්‍රිට දැනෙන්නෙ

ඒ චරිතය මගේම වයසේ ගැහැණු ළමයකුගෙ චරිතයක්‌. මට රඟපාත්දි ලොකු ආයාසයක්‌ දරන්න සිද්ධ වුණේ නැහැ.

පළමු රංගනයට හරියට ප්‍රතිචාර ලැබෙනවලූ නේද

තියෙනව. අනිත් කාරණය තරුණ පිරිස්‌ විතරක්‌ නෙවෙයි හැම වයස්‌ මට්‌ටමකම අය ඔව් .මට විතරක්‌ නෙවෙයි මේ ටෙලිනාට්‍යයටම හොඳ ප්‍රතිචාර ලැබෙනව. ලංකාවෙ විතරක්‌ නෙවෙයි පිටරටවල පදිංචි වෙලා ඉන්න අය දෙවෙනි ඉනිම නරඹල ප්‍රතිචාර දක්‌වනව.

දිගටම රංගන ක්‍ෂේත්‍රයේ රැඳෙන්නද අදහස?

රඟපාන්න කැමතියි . ඒත් මම මේ දවස්‌වල මුල්තැන දීලා තියෙන්නෙ මගේ උසස්‌ අධ්‍යාපන කටයුතුවලට .

ෂනුද්‍රි උසස්‌ අධ්‍යපනය ලබන්නෙ කුමන ක්‌ෂේත්‍රයකින්ද?

මම තෝරගෙන තියෙන්නෙ වෙළෙඳ අංශයෙන් උසස්‌ අධ්‍යාපන කටයුතු කරන්නෙ.

ඒ කියන්නෙ ෂනූ අනාගතයේ නිළි වෘත්තිය තෝර නොගන්න බවද

මම අධ්‍යාපනය ලබන ක්‍ෂේත්‍රයෙන් රැකියාවක්‌ කරන්න හිතාගෙන ඉන්නව. ඒත් රඟපාන එක නවත්වන්න අදහසක්‌ නැහැ. දිගටම මට හොඳ නිර්මාණ ලැබුණොත් මම මේ ක්‍ෂේත්‍රයෙත් රැඳී ඉන්නව.

කලාව ඔබට විනෝදාංශයක්‌ද

නැහැ. නිර්මාණයක්‌ ලැබුණම මම ඒක වගකීමෙන් කරන්නයි කැමතියි. කලාව තුළින් මම තෘප්තියක්‌ ලබනව. නමුත් මම එය විනෝදාංශයක්‌ ලෙස ගන්නෙ නැහැ.

දෙවනි ඉනිමේ සමල්කාගෙ චරිතයත් එක්‌කම ෂනූට තවත් නිර්මාණවලට ඇරයුම් ලැබුණද?

ඔව් රඟපාන්න නම් ඇරයුම් ලැබුණා. ඒත් මේ ටෙලිනාට්‍යයේ වැඩයි මගේ අධ්‍යාපන කටයුතුයි කරත්දි තවත් දේකට මේ වෙත්දි කාලය යොදාගන්න අමාරුයි. ඉදිරියේදී හොඳ නිර්මාණයක්‌ ලැබුණොත් සම්බන්ධ වෙනව.

ජනප්‍රිය කලා පවුලක ප්‍රසිද්ධ යුවතියක වූ ඔබට දෙවෙනි ඉනිම සමඟ ලැබුණ ප්‍රසිද්ධිය අරුමයක්‌ නෙවෙයිද?

අපේ තාත්ත කලාවට සම්බන්ධ නිසා පුංචි කාලෙ ඉදන්ම අපි හැමෝම දන්න අය බවට පත්වෙලා හිටියත් මේ ලැබෙන ප්‍රසිද්ධිය ඊට වෙනස්‌. දැන් මිනිස්‌සු මා ගැන කතා කරන්නෙ මම කළ රඟපෑම් ගැනනෙ. ඔවුන් මට කතාකරල මගේ රඟපෑම ගැන අගයත්දි ඒ ගැන සතුටක්‌ දැනෙනව.

ජනප්‍රියත්වය ජීවිතයකට හොඳ දෙයක්‌ විදිහටද ඔබ දකින්නෙ?

එහි වරදක්‌ මම දකින්නෙ නැහැ.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post