ඕෂදී මේ අවුරුද්දේ යුතුකම් ඉටුකරනවලු...

0 Apr 17, 2017 10.16am Art

ඕෂදී කොහොමද අවුරුදු?

හොඩක්‌ හොඳයි. සිංහල අපට තියෙන විශේෂම උත්සවයක්‌නෙ. චාරිත්‍ර වාරිත්‍ර යුතුකම් ඉටු කරල කාල බීල සතුටින් කාලය ගත කරනවා.

ඇත්තටම ඔබ අවුරුදු චාරිත්‍ර අකුරටම පිළිපදිනවද?

අනිවාර්යයෙන්ම. සිංහල කාන්තාවක්‌, බිරිඳක්‌, මවක්‌ හැටියට මගේ ගෙදර ඒ සියලු චාරිත්‍ර අකුරටම ඉටු වෙනවා.

රංගන ශිල්පිනියක්‌ හැටියට නැකැත් කාලයේ විවිධ නාලිකාවල වැඩසටහන්වලට යන්න වෙනවා නේද?

ඔව්. ඒවා අතහරින්න බෑනෙ. මේ පාරත් හිරුත් එක්‌ක ගාල්ලෙදි තමයි අවුරුදු සමරන්න වෙලා තියෙන්නෙ. මමයි මහත්තයයි පුතයි එතනදී අවුරුදු චාරිත්‍රවලට සහභාගි වෙනවා. ගෙදර අම්මයි තාත්තයි ඒ දේවල් ඉටු කරනවා.

එතකොට යුතුකම් පැත්ත

ඒවත් හරියටම කරනවා. මගේ අම්ම තාත්තට ප්‍රදීප්ගෙ ගෙදර අයට තෑගි බෝග දෙන ඒවා වැඩිහිටියන්ට බුලත් දීම නෑගම් යැම සංග්‍රහ කටයුතු අපි දෙන්නා එකතු වෙලා අඩුවක්‌ නැතුව කරනවා.

ඕෂදී අතින් කැවිලි පෙවිලි හැදෙනවද?

මේ තියෙන වැඩක්‌ එක්‌ක මගේ අතින් කැවිලි හැදෙනව නම් අඩුයි. අම්මා මාත් එක්‌ක ඉන්න නිසා අම්මා තමයි ඒවාට මූලික වෙන්නෙ. මම උදව් කරනවා.

ඇත්තටම නෑගම් යන්න වෙලාවක්‌ තියෙනවද?

කාලය ගැන නම් ප්‍රශ්න තියනවා තමයි. ඒත් අපේ ගෙදරට හැමෝටම එන්න කියන්නෙ එක දවසෙ. ඒ වගේ තමයි අනිත් නෑදැ ගෙවල්වලත්. ඒ හින්දා ලොකු ප්‍රශ්නයක්‌ නෑ. කොහොම හරි සහභාගි වෙලා යුතුකම ඉෂ්ට කරනවා.

බොහෝ දෙනෙක්‌ කියන කතාවක්‌ තමයි සල්ලි තියෙනවා නම් හැමදාමත් අවුරුදු කියලා ඒ කතාව හරිද?

එහෙම වෙන්නෙ කොහොමද? අපිට සල්ලි තියන දවසටද සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට එන්නෙ. ඔය කියන්නත් වාලෙ කියන කතානෙ.

තමන්ගේ ගෙදර නැතුව වෙන තැන්වල අවුරුදු සැමරීම හරිද?

මොනවා කරන්නද හැමදේම බැලන්ස්‌ එකේ කරගන්න ඕනනෙ. මම නිළියක්‌ වුණ දවසේ ඉඳලා පුතා ලැබෙන්න හිටපු අවුරුද්දෙ විතරයි ගෙදර ඉන්න ලැබුණෙ අවුරුදු චාරිත්‍රවලට. දැන් පුතාව අරන් යන්නෙත් එයා මේ දේවල් ඉගෙන ගන්න ඕන නිසා.

පිsරිමි දරුවෙකුට ඔය දේවල් එතරම් අවශ්‍ය වෙනවද?

අවුරුදු චාරිත්‍රවලට ස්‌ත්‍රි පුරුෂ භේදයක්‌ නෑ. පුතත් කවද හරි දවසක තාත්ත කෙනෙක්‌ වෙනවනෙ. එදාට එයා දැනගෙන ඉන්න ඕන මේ දේවල් එයාගේ දරුවන්ට කියලා දෙන්න.

අවුරුද්ද දවසෙවත් ගෙදර ඉන්න නෑනෙ කියන මැසිවිල්ල සැමියගෙන් ලැබිලම නැද්ද?

කවදාවත් නෑ. එයත් කැමරා අධ්‍යක්‌ෂවරයෙක්‌ විදියට කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධයිනෙ. හැම දෙයක්‌ ගැනම ප්‍රදීප්ට හොඳ අවබෝධයක්‌ තියෙනවා වගේම පටු අදහස්‌ මෝඩ තර්ක අනවශ්‍ය බලපෑම් එයා ළඟ නෑ.

ඒ කියන්නේ ඔබේ සියලු කටයුතුවලට සැමියාගෙන් විශාල සහයෝගයක්‌ ලැබෙනවා.

ඇත්තෙන්ම හැම දේකටම මට ඔහුගෙන් ලැබෙන සහයෝගය කියලා නිම කරන්න බෑ.

ඔය හොඳ අතරෙ පොඩි නරකක්‌ නැති වෙන්නත් බෑනෙ

මහත්තයා මට වාතයක්‌ වෙන්නෙ ආගන්තුක සත්කාරවලදී තමයි. එයා ළඟ සුළු වැඩ නෑ. හිත හොඳ වැඩිකමට මැද්දට පැනලා පණ්‌ඩිත වැඩ කරනවා. එයා කෙනෙකුට කන්න බැරි තරමට කවන්න හදන කෙනෙක්‌.

අවුරුදු කාලෙ නිවසට එන අමුත්තෝ කරදරයක්‌ වෙලා නැද්ද

කවුරු හරි නොදන්වා ආවොත්නෙ එහෙම අපහසුතාවයක්‌ ඇති වෙන්නෙ. අපේ රාජකාරි දන්න නිසා කිසි කෙනෙක්‌ නොදන්වා අපේ ගෙදරට එන්නෙ නෑ. මමත් කිසිම ගෙදරකට නොදන්වා යන කෙනෙක්‌ නෙමෙයි. ඒ නිසා එහෙම කරදර නෑ.

එදා සහ අද සිංහල අවුරුදු සැමරිමේදී සමාජය තුළ තිබෙන වෙනස්‌කම් ලෙස ඔබ දකින්නේ.

අද ඉතින් හැමදේම ඕනවට වඩා නවීකරණය වෙලානෙ තියෙන්නෙ. නැකැත් කරලා කාටද හරි ගියේ. කැවිලි ගෙදර හදන්නම ඕනද? අලුත් ඇඳුම් අඳින්නම ඕනද කියල සුන්දර අවුරුද්ද වෙනත් පැතිවලට ගෙනි යන්න හදන පිරිස වැඩියි. මම සහෝදරියක්‌ විදියට හැමෝටම ආදරෙන් කියන්නෙ එදා ඉඳලා පැවත එන මේ චාරිත්‍ර වාරිත්‍ර යුතුකම් රැක ගැනීම විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය වන අපේ යුතුකමක්‌ සහ වගකීමක්‌. ඒ නිසා ඔය නිෂ්ඵල තර්කවලට ගොදුරු නොවී සිංහල අවුරුද්දේ අසිරිය අපි මතු පරපුරට උරුම කර දෙමු කියලයි.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

  • බඩගෝස්තරවාදය මං ළඟ නැහැ

    Oct 20, 2017 10.12am Views 0 Read More...

    මේ සිනමාකරු වංචනිකයි මම සටන් කරනවා - අනෝමා ජනාදරී ආවේගශීලි ප්‍රකාශයක... කාන්තාව පීඩනයට පත්වීම පිළිබඳ නැඟී සිටීමේ

  • තරු හැඩ වෙන හැටි

    Oct 20, 2017 10.03am Views 0 Read More...

    මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය හරහා කලා ලොවට පිවිස ටෙලි නාට්‍ය, වෙළෙඳ දැන්වීම් රැසකටම තම රංගන දායකත්වය ලබා දුන් රූමත් රංගන ශිල්පිනියක් වන

Recent Post