කැනඩා තරුණියකට සුරේෂ්ගේ හිත ගිහින්...

0 Apr 03, 2017 09.23am Art

ඔහු ජනප්‍රිය රංගන ශිල්පියෙක්‌ වගේම ගායකයෙක්‌. රියෑලිටි වැඩසටහන් වලදීත් තම දක්‌ෂතා උපරිමයෙන් පෙන්වූ ඔහු කාගේත් ආදරය දිනාගත් කලා ශිල්පියෙක්‌. ඒ නිසාම ඔහු පිළිබඳ අලුත්ම තොරතුරු හොයලා බලන්නත් එක්‌කම අපි ඔහුට කතා කළා. ඔහු සුරේෂ් ගමගේ...

මොකද කරන්නේ මේ ටිකේ?

රියෑලිටි වැඩසටහනකට සම්බන්ධවෙලා ඉන්නවනේ. මේ දවස්‌වල ඒ නිසා ටිකක්‌ කාර්ය බහුලවෙලා ඉන්නේ. මොකද අපි final

රියෑලිටි වැඩසටහනකට සම්බන්ධ වෙන්න හිතුවේ රඟපෑමෙන් ඉවත් වෙලාවත්ද?

රඟපෑමෙන් ඉවත් වෙලා නෑ. මේ වැඩසටහන නිසා ටෙලි නාට්‍ය දෙකක්‌ සහ චිත්‍රපට දෙකක්‌ මං අත් හැරියා. Musical shows උනත් ගණනාවක්‌ අත් හැරියා. මොකද කරන වැඩේ හොඳට හරියටම කරන්න ඕන නිසා. කොටින්ම මගේ ගේ හදනවා වුණත් මේ දවස්‌වල ඒ ගැනත් හරියට බලන්න බැරි වුණා මේ ටිකේ.

වැඩ භාර ගත්තෙම නැද්ද?

ඔව්...ආව හැම වැඩක්‌ම cancel කළා මේ ටිකේ

රියෑලිටි වැඩසටහන් කරන්නේ නෑ කියලා නේද හිටියේ?

මේ රියෑලිටි වැඩසටහන ඉදිරිපත් කරන රූපවාහිනී නාලිකාව කලාකරුවන් එක්‌ක ලොකු සමීපතාවකින් කටයුතු කරන ඒ වගේම ලොකු බැඳීමක්‌ තියෙන ආයතනයක්‌. අනික ඔවුන් කලාකරුවන්ට ඔවුන්ට හිමි ගෞරවය ලබා දීලා කටයුතු කරනවා. ඒ නිසා මේ ආරාධනාව භාර ගන්න ඕන කියලා හිතුනා.

රියෑලිටිවලට මෙච්චර කැමැත්තෙන් දායක වෙන්නේ රඟපෑමට වඩා ඒක ආර්ථික අතින් ලාභද?

ඉස්‌සෙල්ලම මම සහභාගී වුණේ ගායන තරඟයකට. ඒකෙන් මට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. මේකට සම්බන්ධ වුණේ මේක හුඟක්‌ වෙනස්‌ වැඩක්‌ නිසා. මේක team work tlla' dancing" singing" acting තුනම තියෙනවා. කොහොම වුණත් මේ මගේ අන්තිම රියෑලිටි වැඩසටහන. ආයේ විනිශ්චය මණ්‌ඩලයක කටයුතු කරන්න වගේ ආරධනාවක්‌ ලැබුණොත් භාර ගන්නවා මිසක්‌ මම රියෑලිටි තරඟ සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ.

ළඟදී ගීත කිහිපයක්‌ නිර්මාණය කළා නේද?

එක ගීතයක ගී පද තනු ඔක්‌කොම මගේ. Music කලේ දිල්ෂාන් කියලා මගේ සහෝදර මල්ලි කෙනෙක්‌. චතුර වර්නසේකර එයාගේ song එකක්‌ මට කියලා කරා. ඒකත් release වෙන්න තියෙනවා. ඒ අතරේ තව Spanish song එකක්‌ කළා. ඒකත් release වෙන්න තියෙනවා.

රියෑලිටි වැඩසටහනේ අවසන් වටය සඳහා ඔබ ඇතුළු කණ්‌ඩායම තේරුණානේ. ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා හිතනවද?

ම්.... මෙහෙමයි ඉතිං.. team වලට ඇත්තටම ලොකු අභියෝගයක්‌ නැහැ. අපි හුඟක්‌ මහන්සිවෙලා තමයි දෙයක්‌ කරන්නේ. මෙච්චරකල් තිබුණු game දහයෙන් game නවයක්‌ විතරම අපි දිනුවා.

ඒ කියන්නේ ජයග්‍රහණය ඔබ ඇතුළු කණ්‌ඩායමට?

දිනුවත් පැරදුනත් රියෑලිටි කියන්නේ වෙනම දෙයක්‌නේ. Final එන්න අපි කරපු දේ තවත් හොඳට කරලා පෙන්නන එක තමයි අපේ ලොකුම බලාපොරොත්තුව.

මොකෝ එක පාරට අලුත් ගෙයක්‌ එහෙම හදන්න හිතුනේ?

මටම කියලා පදිංචි වෙන්න ඕන කියලා හිතුනා. නිදහසකුත් තියෙන්න එපායෑ නේද?

ගෙදරක්‌ සම්පූර්ණ වෙන්න නං ඇය කැන්දන් එන්නම වෙයි නේද?

ආදරය කියන දේ නැත්නං ලොකු පාළුවක්‌ තනිකමක්‌ ජීවිතයට එනවා. හැබැයි තියෙන ආදරේ හරියාකාරව ලැබුණේ නැත්නං ඊටත් වඩා ලොකු තනිකමක්‌ කලකිරීමක්‌ තමයි ලැබෙන්නේ. මේ වෙද්දී මගේ ජීවිතෙත් ආදරයක්‌ තියෙනවා. නමුත් විවාහ වෙනවාමයි කියලා තාම හිතලා නෑ. තව අවබෝධය දැනුම් තේරුම් ඇති වෙන්න ඕන කියලා හිතෙනවා. හුඟක්‌ දුක්‌ විඳලා මේ තත්ත්වයට ආවේ. ඉතිං කලබලේට තීන්දු තීරණ ගන්න බැහැ. බලමු නේද?

එතකොට ඔය ආදරේ පටන් ගත්තේ අවබෝධයක්‌ ඇතුව නෙමෙයිද?

ම්... දැකීමෙන්, කතාකිරීමෙන් තමයිනේ ආදරයක්‌ පටන් ගන්නේ. අවබෝධය ඉතිං ඊට පස්‌සෙනේ ඇතිවෙන්නේ නේද.

ඇය කවුද?

ඇය කැනඩා ජාතික තරුණියක්‌

ඔය කියන අවබෝධය ඇතිවෙලා ඇය සමඟ විවාහ වුණොත් සුරේෂ්ටත් කැනඩාවේ පදිංචියට යන්න වෙයිද?

තාම ඒ දේවල් ගැන හිතන්න කල් වැඩියි මට හිතෙන්නේ

ඔය කියන විදිහට මේ ආවට ගියාට පටන් ගත්ත ආදරයක්‌ද?

අපෝ නෑ... මම සෙල්ලමට ආදරය කරන කෙනෙක්‌ නෙමෙයි. ආදරේට ආදරෙන් පටන් ගත්තේ. ඒකෙ අවසානය කොහොම වෙයිද කියලයි කියන්න බැහැ. අපි අපිට ආදරෙන් ඉන්නවා.

කට කතා ගැන මොකද හිතෙන්නේ?

කට කතාවලට නං මං හරි ආසයි. කට කතා කියන අය අනිත් අයව තව ජනප්‍රිය කරවනවනේ... මේකයි ඉතිං හොඳ වුණත් නරක වුණත් අපිට ඒ දේවල් නතර කරන්න බෑනේ. අනික බල්ලෙක්‌ බිරුවට කන්දක්‌ පාත්වෙන්නෙත් නෑනේ. ඕනකෙනෙකුට ඕන දෙයක්‌ කියන්න පුළුවන්. ඒ හින්දා මං කටකතා නං ගණන් ගන්නේ නෑ...

චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරන්න යනවා කියන්නේ ඇත්තද?

ඔව් චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරන්න හිතාගෙන ඉන්නවා. මමත් ඒකෙ රඟපානවා. හුඟක්‌ වෙලාවට shooting වෙන රටක තමයි කරන්න හිතන් ඉන්නේ. වැඩි විස්‌තර පස්‌සේ කියන්නම්කො.


(දිවයින පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post