දික්‌කසාද කතාව බොරුවක්‌ දෙවසරකට පසුව අජිත්ගෙන් ගීතයක්‌

0 Mar 16, 2017 09.15am Art

කළුවර රාත්‍රියක එක රැයකින් තරු එළියෙන් දිදුළවමින් සිරස සුපර් ස්‌ටාර් පළමු සුපිරි කිරුළෙහි හිමිකාරීත්වය ඔහුගේම විය. ඔහු ජනප්‍රිය ගායක අජිත් බණ්‌ඩාර......

කාලෙකට පස්‌සේ කරපු අලුත් ගීතය.....

මගේ අලුත්ම ගීතය 'මගේ සන්තකේ'. මේ අලුත් ගීතයේ aමාසද චරදාමජඑසදබ එක කළේ කුශ්රාඡ් eබඑeරඒසබපැබඑ ආයතනය. ගී පද කුෂාන් මනීන්ද්‍රගේ. සංගීතය විරාඡ් පෙරේරා. ඪසාeද චරදාමජඑසදබ එක ඛසදබ ඨ්‌එe eබඑeරඒසබපැබඑ ආයතනය. රංග විඡේවික්‍රම තමයි dසරුජඑ කළේ. නිෂ්පාදනය කළේa සුදත් ගුරුකුඹුර. ධනුක දිල්ෂාන් තමයි ඩසිම්ක එකට ඉන්නේ. ගාල්ලේ තමයි sයදදඑ එක කළේ.

අවුරුදු කීයකින් ද මේ ගීතයක්‌ කළේ?

අවුරුදු දෙකකින්

ඇයි මෙච්චර කල් නිහඬව හිටියේ?

නිර්මාණ කරන්න ලැබුණා. මට හරියන නිර්මාණයක්‌ ලැබුණේ නෑ. මොකද නිර්මාණයක්‌ කාටත් කලින් මට දැනෙන්න ඕන. ඉතිං ඒ වාගේ නිර්මාණයක්‌ ගැන බලාපොරොත්තුවෙන් හිටපු නිසා ටිකක්‌ පරක්‌කු වුණා.

නිතර නිර්මාණ නොකිරීම ක්‌ෂේත්‍රයේ රැඳිලා ඉන්න බාධාවක්‌ නෙමෙයිද?

එක පැත්තකින් ඒක එහෙම තමයි කියලත් හිතෙනවා. ඒත් මම නිශ්ශබ්දව ඉන්නත් හේතු තිබුණා ඉතිං....

මොනවද ඒ හේතු?

ඒවා ඉතිං වෙනම කතා කරන්න ඕන දේවල්. වෙලාව ආවම ඒ දේවල් ගැන අපි කතා කරමු.

ක්‌ෂේත්‍රය තුළ ඔබට තියෙන ඔතරම් සුවිසල් ගැටලුව?

ඒක මම යම් කිසි තැනක කතා කරන්න ඕන දෙයක්‌ තමයි. පස්‌සේ දවසක මං ඒ ගැන කියන්නම්. යම් යම් කෙනෙහිලිකම් තියෙනවා. දැනට අපි ඒ ටික විතරක්‌ කියමුකෝ.

සංගීත ප්‍රසංග අඩු ද නැත්නම් භාර ගත්තේ නැද්ද?

ඇත්තටම මහා ගොඩක්‌ ප්‍රසංග නම් නැහැ. Season එකට නං ඉතිං එක දිගටම වගේ වැඩ තියෙනවා.

වෘත්තීමය ගායන ශිල්පියකුට මේ ක්‌ෂේත්‍රය තුළ ආර්ථික වශයෙන් රැකෙන්න පුළුවන්ද?

මේ රටේ සංගීතය කරලා රැකෙන්න අමාරුයි. දැනට ඉතිං මම වෙන දෙයක්‌ කරන්නේ නෑ. නමුත් ඉදිරියේදී ඉතිං වෙන දෙයක්‌ ගැනත් හිතන්න වෙයි. මොකද ලංකාවේ සංගීතයෙන්ම රැකෙන්න අමාරුයි.

ඔබෙන් පසු පරපුරේ ගායකයන් සහ ඔවුන්ගේ නිර්මාණ ගැන ඔබ මොකද හිතන්නේ?

හොඳයි ඉතිං... නිර්මාණ සහ අලුත් පරපුරක්‌ බිහි වෙන්න ඕන. අලුත් නිර්මාණ එන්න ඕනනේ. කාලෙන් කාලෙට එක එක රැලි එනවා. මල් රැල්ල වගේ එක එක රැලි පහු කරලා දැන් ඇවිත් ඉන්නේ අඬන රැල්ල. කාලයක්‌ තිබ්බා මලක්‌ පෙන්නන්න බෑ. දැන් ඉතිං අඬන රැල්ල. පෞද්ගලිකව මං ඒකට එච්චර කැමැති නෑ. අනිත් රැලි වගේම මේ රැල්ලත් ආව වගේම යයි. ඉස්‌සරහට තව වෙනස්‌ දෙයක්‌ එයි.

විදෙස්‌ සංචාර සඳහා සහභාගි වෙන්නේ නැද්ද?

අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා. ඉදිරියටත් ඒ සඳහා ආරාධනා කිහිපයක්‌ම ලැබිලා තියෙනවා. ඇත්තටම ඒ සඳහා තවම මට හොඳ ඉල්ලුමක්‌ තියෙනවා.

අජිත් බණ්‌ඩාර මාධ්‍ය තුළවත් වැඩිය දකින්නට ලැබෙන්නේ නැහැ?

මේ වෙද්දී මගේ නිර්මාණ පනහකට කිට්‌ටු වෙන්න තියෙනවා. ඒවයෙනුත් මම ප්‍රසංග වේදිකාවේ ගයන ගීත හතරක්‌ පහක්‌ තියෙනවා. මම මගේ නිර්මාණවලට උපරිම සාධාරණය ඉෂ්ට කරලා තියෙනවා. නමුත් වෙලාවකට මට හිතෙනවා මේ රටේ සංගීත ක්‌ෂේත්‍රය මගෙන් හරියට වැඩ අරන් නෑ කියලා. මම මොනයම්ම වැඩකට එළියට බැස්‌සත් හුඟක්‌ අය මගෙන් ඔය ප්‍රශ්නේ අහනවා. ඉතිං එහෙම වෙන්න හේතු තියෙනවා.

මේ අලුත් ගීතය කාටද?

මේ රටේ මාව මේ තැනට ගෙන එන්න වද වුණ පිරිසක්‌ ඉන්නවා. ඔවුන්ට තමයි ඒ ගීතය කළේ. මාව සුපර් ස්‌ටාර් කරන්න භාර වෙච්ච, බෝධි පූජා තියපු අය හිටියා. ඒ භාර ඔප්පු කරන්න එන්න කියලා යන්න බැරි වුණාම බැණුම් අහපු අවස්‌ථා තිබුණා. සුපර් ස්‌ටාර් පළමු වැඩසටහන් කියන්නේ මහා පුදුම දෙයක්‌. මුළු ලංකාවම සීයට සීයක්‌ බලපු පළමුවැනි වැඩසටහන. ඇත්තටම මං හුඟක්‌ වාසනාවන්තයි සහ මං සන්තෝස වෙනවා ඒ පළමු වැඩසටහනේම මට ජයගන්න පුළුවන් වෙච්ච එක ගැන.

අජිත් බණ්‌ඩාර කලකිරීමෙන්ද?

ජීවිතය ගැනවත් සංගීත දිවිය ගැනවත් මට කලකිරීමක්‌ නැහැ. මොකද මගේ හීනය හැබෑ වුණා. මං කාටවත් දොස්‌ කියනවා නෙමෙයි මේ. මං ආව ගමන ගැන මං අද ඉන්න විදිහ ගැන මට සන්තෝසයි. ජීවිතේ යම් යම් කලකිරීම් වෙනවා නැතුවා නෙමෙයි.

කට කතාවක්‌ තියෙනවා ඔබ ඔබේ බිරිඳගෙන් වෙන් වෙලා ජීවත් වෙනවා කියලා?

ඔය කතාව සම්පූර්ණ බොරුවක්‌. මොකද මම ක්‌ෂේත්‍රයට ආව මුල් කාලේ ඉඳන්ම ඔය කතාව විටින් විට ආවානේ. මිනිහකුට ගහන්න හරිම ලේසි තැනක්‌නේ ඕක. ඒ කතාව තනිකර බොරුවක්‌.

එතකොට ඔබ දැන් ජීවත්වන්නේ පළමු බිරිඳ සමගද?

මම මගේ පළමු එකම මුල්ම බිරිඳ එක්‌කම තමයි ජීවත් වෙන්නේ. මට මේ ක්‌ෂේත්‍රයට එන්න අයෑදුම් පත්‍රය පවා දැම්මේ මගේ බිරිඳ. ඇය නිලූකා නිරෝෂනි. දූගේ නම සත්සර සංචලා බණ්‌ඩාර. මම අද මේ රටේ යම් තැනක ඉන්නවා නම් මාව මේ තැනට ගෙනාපු මගේ රසික රසිකාවියෝ, අම්මා, තාත්තා සහ ඒකෙ ගෞරවය හිමිවෙන්න ඕනෑ මගේ බිරිඳට. ඇය මේ වෙද්දී සැලෝන් එකක්‌ පවත්වාගෙන යනවා.

එතකොට ඇයි මේ වගේ කතාවත් පැතිරෙන්නේ ?

පුදුම වැඩේ කියන්නේ මගේ ළඟ ඉන්න සමහර යාළුවෝ, මගේ බිරිඳව දැකලා තියෙන අය පවා අහනවා දික්‌කසාද වෙලාද කියලා. ඇත්තටම මට පුදුමයි මේ වගේ කතාවක්‌ පැතිරෙන්නේ ඇයි කියලා.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post