දිස්ත්‍රික්ක 17 ක තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

views 540 2018-01-13 01:39:00 news

පළාත් පාලන මැතිවරණයේ දිස්ත්‍රික්ක 17ක තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑල වෙත භාරදෙන බව ජාතික මැතිවරණ 
කොමිසම පවසා තිබේ.
එහි අතිරේක මැතිවරණ කොමසාරිස්, සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, තව ත් දිස්ත්‍රික්ක 8 ක තැපැල් ඡන්ද පත්‍රිකා
ඊයේ තැපෑලට භාරදුන් බවයි.

මේ අතර තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ, නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක්
ලබන 28 වන දා ක්‍රියාත්මක වන බව ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Latest News

Recent Post